නමුත් මැලේසියාවේ කිව් චියොන්ග් උන්ග් සහ රාෆි අස්රුෆී
නෝර්ඩින් වෙතින් එම වටයේදී ලද 21 /17 සහ 21 / 16 ලෙස ලද පරාජයත් සමග අවසාන අටදෙනා
අතරට පිවිසෙන්නට තිබූ අවස්ථාව සම්පත් සහ පුබුදුට අහිමි විය.
කාන්තා කන්ඩායම් දෙකම අවසාන කණ්ඩායම් 16 අතරට පැමිණීම
විශේෂ සිදුවීමක් විය.ඒ අතරින් තක්ෂිලා ග්‍රණසිංහ සහ ගීතිකා ගුණවර්ධන මූලික වටයේ
තරග වලදී සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා අවසාන කණ්ඩායම් 16
අතර තරගයේදී න්ගුයෙන් ති තිප් සහ පාන් තී කැම් හොන්ග් වෙතින් ලකුණු 22 /20 සහ 21
/17 ලෙස පරාජය ලැබීය.නිරෝෂා ගුණසිංහ සහ සාගරී ගුණසිංහ අවසන් 16 දෙනා අතර තරග
වටයේදී චීන තායිපේ කණ්ඩායමේ කොව් නාල් හන් සහ චාන්ග් හුයි මින් වෙතින් පරාජය
ලැබුවේ 21/ 17 සහ 21 /12 ලෙස ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
අරඹමින් ඊයේ පැවති චමත්කාරජනක සමාරම්භක උළෙලේ අවස්ථාවකි.
No comments:
Post a Comment