ටීබී ජයා ගංතලාවට යයි.
ක්‍රීඩාව ගමට ගෙන යාමේ රජයේ ක්‍රීඩාව සම්බන්ධ මුඛ්‍ය
පරමාර්ථය අනුව යමින් 43 වන ටීබී ජයා කුසලාන පාසල් බොක්සිං තරගාවලිය කන්තලේ ගංතලාව
විදයාලයේදී ජුනි 21 වන දා සිට ආරම්භ කිරීමට නියමිත බව පාසල් බොක්සිං සම්මේලනය
අවධාරණය කරයි.උතුර නැගෙනහිර ප්‍රදේශවල බොක්සිං සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීමද
මෙම තරගාවලිය ගංතලාවට රැගෙන යාමට හේතු වූ බව පාසල් බොක්සිං සංගමය අවධාරණය කරන අතර
මෙවර දිවයිනේ පාසල් බොක්සිං කණ්ඩායම් 43 ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩකයන් 250 ක්
පමණ තරගාවලියට සහභාගි වනු ඇතැයි ද පාසල් බොක්සිං සංගමය අවධාරණය කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment