ශ්‍රී ලංකා කණ්ඩායම මූලික
වටයේ තරග කරන කාණ්ඩයට ශ්‍රී ලංකාවට අමතරව පකිස්තානය,ඇෆ්ගනිස්තානය සහ තායිලන්තය
අයත් වෙති.වෙරළ ක්‍රීඩා කාල සටහනට අනුව අද හ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වීමට
නියමිතව ඇත්තේ පකිස්තානය වන අතර හෙට ඇෆ්ගනිස්තානය හමු වීමට නියමිතය.මේ අතර
ඉන්දියාව බංගලාදේශය තායිලන්තය සහ ඉන්දියාව අයත් වන කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා
කාන්තා කණ්ඩායම බංගලාදේශය හමුවේ අවාසනාවන්ත පරාජයක් ලැබීමත් සමග දෙවන වටයට පිවිසීම
අවිනිශ්චිත තත්ත්වයකට පත් ව ඇත.බංගලාදේශය සමග පැවති තරගය ලකුණු 49 – 56 ක් ලෙස
පරාජයට පත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ සටහන තැබෙන විට තායිලන්තය සමග
පැවත්වෙන තරගයට මුහුණ දෙමින් සිටි අතර ප්‍රථම අර්ධය නිමවන විට ශ්‍රී ලංකාව ලකුණු
35 – 16 ක් ලෙස පසුපසින් සිටියේය.
No comments:
Post a Comment