ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්
ක්‍රීඩාංගනයේ ඇරඹි පළමු යටස්ට් තරගයේ දී පළමු දිනය නිමා වන විට සියළු ගෞරව ශ්‍රී
ලංකාව විසින් අත් කර ගැනීමට සමත් විය.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට
තීරණය කළ ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු ලබා ප්‍රබල ස්ථාවරයක පසුවන අතර විහේෂත්වය වූයේ
ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වීමය.ඒ අතරින් කුමාර සංගක්කාර නොදැවී ලකුණු
111 ක් ලබා සිටින අතර ආරම්භක පිතිකරු ටීඑම් ඩිල්ෂාන් ලකුණු 101 ක් ලැබීය.
පන්දු යවන්නන් අතරින් සහීඩ් අජ්මාල් දැවී ගිය කඩුලු දෙකම
ලකුණු 81 ක් ලබා දෙමින් දවා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අපහසුවකින් තොරව
ලකුණු ලබා ගත්තද ගාලු තණතීරුවේ දග පන්දු යවන්නන්ගේ පන්දු වල සැළකිය යුතු
තර්ජනාත්මක දග කැවීමක් දකින්නට ලැබිණ.ඒ නිසා තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා
පිතිකරුවන් කඩුල්ලේ රැදී සිටිමින් විහාල ලකුනු ගණනකට පිවිසීම තරගය සිවිවන ඉණිම
දක්වා දික් වවුහොත් පකිස්තානු පිතිකරුවන්ට විශාල පීඩනයක් ඇතිවනු ඇති බව නිසැකය.
විශේෂයෙන්ම එවැනි තත්ත්වයක රංගන හේරත්ට මෙන්ම සුරාජ්
රනදිව් ටත් තියුනු දෝලනයක් ලබා ගන්නා නුවන් කුලසේකරටත් මුහුණ දීම පකිස්තානු
පිතිකරුවන්ට පහසු වේ යැයි සිතිය නෙහැක.පහත දැක්වෙන්නේ තරගයේ ප්‍රථම දිනය නිමා වන
විට තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට ඇති සම්බන්ධතාවය ය.
No comments:
Post a Comment