![Sri Lanka Women's Team.JPG](https://mail.google.com/mail/?ui=2&ik=f1a5f47587&view=att&th=138045d528732e3d&attid=0.3&disp=thd&zw)
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලිය නියෝජනය
කිරීම සදහා ආසියාවෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීමේ අවසාන තරග සදහා සහභාගි වීමට
අවස්ථාව ලද ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබොල් කණ්ඩායම් හෙට චීනයේ ෆුචෝ හී දී
ඇරඹෙන ආසියානු කණ්ඩායම් තේරීමේ තරග සදහා
සහභාගි වීමට නියමිතය.දකුණු ආසියානු කලාපයෙන් සහ මධ්‍යම ආසියානු කළාපයෙන් මෙම අවසාන
තරග සදහා සුදුසුකම් ලැබීමේ මූලික තරග වල දී ඒ සදහා අවස්ථාව ලද මහේෂ් පෙරේරා සහ
වසන්ත රත්නපාලත්, පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් ද පිරිමි තරග සදහා ඉදිරිපත් වන
අතර ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා ගුණසිංහ ගේ කණ්ඩායමත නිරෝෂ ගුණසිංහ සහ සාගරිකා
ගුණසිංහ ගේ කණ්ඩායමත් කාන්තා අංශයෙන් සුදුසුකම් ලබා සිටියි.
පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රසන්න උදයකුමාර කටයුතු
කරන අතර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ධම්මික රොහාන් සිල්වා ය.
No comments:
Post a Comment