Jan 31, 2013

මම දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරෙයි - සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත් සනත් ජයසූරිය සුපිරික්‍රීඩා සමග එක්වෙමින් ප්‍රකාශ කළේ,තමන් දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරේ බවය.තමන් දේශපාලනය සහ ක්‍රීඩාව යන විෂයන් දෙකේම නිරත වූව ද,මේ සියල්ල ක්‍රිකට් නිසා හිමි වූ බව සනත් ගේ අදහසය.ජනතාව වඩා ආදරේ ක්‍රිකට් ක්‍රීඩකයාට,මහජව නියෝජිතයෙකු ලෙස පිළිගන්නට මුල් වන්නේත් මම ක්‍රීඩකයෙකු වීම යැයි පවසන සනත්,ඒ නිසා සිය වගකීමක් සහ යුතුකමක් කොට සිතා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරය භාරගත් බව ප්‍රකාශ කළේය.
තමා ක්‍රිකට් නායකත්වයට පත් වන විට ද,එවකට ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ව සිටි, අර්ජුන,අරවින්ද,මහානාම සහ හෂාන් යන දැවැන්තයන් ක්‍රිකට් වලට සමු දී සිටි බව ප්‍රකාශ කළ සනත්,එහිදී අලුත් පරපුරක් ගැන විශ්වාසය තබමින් සිදත් වෙත්තමුණි තේරීම් කමිට සභාපතිවරයා ලෙස ගත් අභියෝගාත්මක තීරණය නොවන්නට තමන්ට කණ්ඩායමේ නායකත්වය අහිමි වන්නට ද තිබූ බව පෙන්වා දෙයි. සනත් ප්‍රකාශ කරන්නේ අදටද එම කාරණය නිසා සිදත් වෙත්තමුණි පිළිබදව තමා තුළ ඇත්තේ විශාල ගෞරවයක් බවය.
තමන්ට ද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය ලැබෙන්නේ,කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත්ව යාමට සැරසෙමින් සිටින මොහොතක බැවින් මෙය ද එක්තරා අන්දමක දුෂ්කර කාර්යයක් බව පවසන සනත්,තමන් මෙන් විශාල දුෂ්කරතා මැද ක්‍රිකට් ක්‍රීඩා කරන විශිෂ්ඨයන් සොයා ඔවුන් රටට දායාද කිරීමට මෙම වගකීම හරහා උත්සාහ කරන බව පැවසීය.එසේම සනත් නායකත්වයට පත්වන අවධියේ ශ්‍රී ලංකාව ලොව හොදම ටෙස්ට් කණ්ඩායම වීමට සිහින දකිමින් සිටි සමීප වෙමින් නැවත දුරස් වෙමින් තිබෙන එම සිහිනය යථාර්තයක් කර ගැනීමට හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම සිය වගකීම කොට සිතන බව ද සනත් පවසයි.
www.supirikrida.com

No comments: