වර්ථමාන ජාතික කබඩි පුහුණුකරු මෙන්ම මාතර දිස්ත්‍රික් තබඩි සංගමයේ ලේකම්
ධූරයද දරණ පේමානන්ද ජයවීර මහතා හදිසියේ අභාවප්ප්‍රාප්ත වූ අතර එතුමාගේ අවසාන
කටයුතු එළැඹෙන ඉරුදින (03) මාතර පොදු සුසාන භූමියේදී පස්වරු 1.30 ට සිදු කිරීමට
නියමිතය.1993 දී පළමු වරට විදේශ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයා
ලෙස බංගලාදේශයේ පැවති හයවන ආසියාතික කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙය
වූ ජයවීර මහතා, කබඩි පුහුණකරුවෙකු ලෙස පත්
වීමෙන් පසු අවස්ථා ගණණාවකදීම ශ්‍රී ලංකාවට
අන්තර්ජාතික වශයෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දුන් ජාතික කණ්ඩායම්වල පුහුණුකරු
ලෙස කටයුතු කළේය.
ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ද
ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ ජයවීර මහතා, මිය යන විට 56
හැවිරිදි වියේ පසු විය. දැනට ඒ මහතාගේ දේහය මාතර, පඹුරණ, තුන්වන පටුමගේ පිහිටි
‘විමුක්ති නිවසේ’ තැන්පත් කර තිබේ.
No comments:
Post a Comment