මේ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවටම පරණ වෙමින් සිටි ඇතැම් හූ කාලයක සිට කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් සමග වූ තමන්ගේ අරෝවන් පිරිමසා ගන්නට අමාත්‍යවරයාගේ මන දොළ සපුරන YES න්‍යායෙන් කටයුතු කර විශේෂිත පුද්ගලයන් වී සිටිනු පෙනෙන්නට ඇත.ඒ නිසාම කොදෙව්වට සීමා නොවුණු ක්‍රීඩාවක් සම්බන්ධ හීන කන්දරාව යථාර්තයක් කර ගත හැකි මාවත් වලට තමන් විසින්ම ගල් පෙරළා ගැනීමට අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල කටයුතු කරනු අපි දකින්නෙමු.
මෙහිදී අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගෙන් ගත හැකි ආදර්ශ බොහෝමය.රජය හෝ ජනාධිපතිවරයා 100% අනුමත කරන බව මෙහි අදහස නොවුණ ද,ඔහු කාර්යේදී ශක්තිමත් චරිත වලින් ආරක්ෂිත පවුරක් නිර්මාණය කර ගනිමින් සැළසුම් සකස් කරන බව අපි දකින්නෙමු.ප්‍රායෝගිකව මෙන්ම න්‍යායාත්මකව ද ප්‍රවීන චරිත ඒකරාශි කර ගැනීම සිය දේශපාලන න්‍යාය පත්‍ර ජයගැනීමේදී පැහැදිළිව අපි දකින්නෙමු.
ක්‍රීඩාව සම්බන්ධයෙන්ද,ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නොනැවතී ක්‍රියාත්මක වන උපදේශන මණ්ඩලයක් ජනාධිපතිවරයාට ඇත.රාජ්‍ය නායකයා ලෙස ක්‍රීඩාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලදී ජනාධිපතිවරයා තීරණ ගනු ලබන්නේ ඒ හරහාය.
ක්‍රීඩා අමාත්‍යවරයා භාෂා ත්‍රිත්වයෙන්ම කතා කළ හැකි අයෙකි.ඒ වාසිය ඔහුට ක්‍රීඩාවේදී ඉතාමත් වැදගත්ය.අතරමැදියන් නැතිව වැඩ කිරීමට ඔහුට එයින් ලබා ගත හැකි වාසිය අපමණය.මේ සියල්ලට ඔහු සිය කාර්ය මණ්ඩලය (පෞද්ගලික මෙන්ම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු) ලෙස එක් කර ගත යුතු පිරිස අතරට පළපුරුදු අත්දැකීම් ඇති රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මැදිහත්විය හැකි පිරිසක් නිර්මාණය කර ගත යුතුය.
ඔව් ස්ර් ඒක මරු,එහෙම කරමු කියන පිරිසට වඩා ඒකෙ මෙතන පොඩි අවුලක් තියෙනවා,ඒක මෙහෙම කරානම් තවත් හොදයි නේද කියන ජාතියේ සංවාදයක් ඇති වන කාර්ය මණ්ඩලයක් සිටීම බෙහෙවින් වැදගත් බව මෙහිදී සිහිපත් කර ගත යුතුය.අමාත්‍යවරයා සමග ගණු - දෙනු කිරීමේදී ඇතැම් වගකීම් පැවරුණු අය ඒවා රැස් වළලු සේ පැළද කටයුතු කරමින් පිටතට රශ්මිය විහිදන්නේ අමාත්‍යවරයා ඉදිරියේ ඔහු පවසන ඇත්ත හෝ බොරුව යන දෙකටම හිස සලා ලබා ගත් ආශිර්වාදයෙන්ය.එය හීලෑ කමක් හෝ ඉතා හොදම සේවයක් ලෙස අමාත්‍යවරයා තීරණය කරන බවක් ඇතැම් තැන් හී අපි දැක ඇත්තෙමු.එහිදී අමාත්‍යවරයා මෙනෙහි කළ යුත්තේ කඩුව අතින් ගත් රජුගේ වදුරා පිළිබද කතාවය.දැනටත් අමාත්‍යවරයාට එන ඇතැම් තොරතොරු අතරමග පිල්ලි යන්නේ අමාත්‍යවරයාගේ හිත ගත් සේවකයන් අතින්ම බව එතුමා නොදන්නේ වුව,භාහිර ලෝකය දන්නෙමු.
ක්‍රීඩා අමාත්‍යවරුන්ට චරිත සහතික දෙන්නට ඉක්මන් නොවන ප්‍රබල චරිත ඔබ වැඩ පටන් ගනිද්දී චරිත සහතික දුන්නේ දැඩි විශ්වාසයකින්ය.ඒ විශ්වාසය හුදෙක් පුද්ගල විශ්වාසයක් ලෙස නොගත යුතුය.ඇතැම් ගස් උස බව අපි දනිමු.ඒවායේ පල රසනම් - ගුණනම් අප ඒවා නෙලා ගත යුතුය.අතේ මානෙන් තිබෙන දේ නෙලා ගෙන මිදි ඇඹුලයි න්‍යායෙන් කටයුතු නොකොට ඉණිමගක් හෝ තබා ඒ ගස්වලට ගොඩ විය යුතුය.ඒවා මේ දක්වා අතපසුව ඇත්නම් නිවැරදි කර ගන්නට තවමත් ප්‍රමාද නැති බව අපි දකින්නෙමු.
අමාත්‍ය පදවියේ වගකීම ජය ගත යුත්තේ කණ්ඩායමක් ලෙසය.සහය දිවීම ජය ගැනීමට එක වාගේ ජවයක් සහිත පිරිසක් සිටිය යුතුය.ඒ වගේම ධාවන පථයේදී වංගු දිවීමේ දක්ෂයෝ වංගු වලටත් කෙළින් දිවිමේ දක්ෂයෝ දැන හැදින ඒ ස්ථාන වලටත් යෙදිය යුතුය.මේ වාදයක් නොව න්‍යායකි.අමාත්‍යවරයා අලුත් ගමන අරඹද්දී කැමැත්තෙන්ම තමන්ට පිටුපිසින් දුවනපිරිස දෙස නොව තමන්ගේ වේගයෙන් දුවන පිරිස තෝරා ගත යුතුය.ඔබ පෙරහැරේ ඉදිරියේ තබා පිටුපසට වී ඔබේ වේගය අාධාරයක් කර ගෙන දුවන පිරිසට ඔබට නොපෙනෙන්නට බොහෝ දේ කළ හැකිය.ඒ ඔවුන් ඔබට පිටුපසින් සිටින නිසාය.
තවත් ඔබ සතු එක් භාග්‍යයක් ගැන මෙහි සදහන් කළ යුතුය.අපේ මහත්තය විවේචනය කරලා හෝ අපේ තාත්තා විවේචනය කරල යැයි මාධ්‍ය සමග උරණ වන බිරිදක් හෝ දරුවන් ඔබට නොමැත.ඔව්හූ යහපත විවේචකයෝ වෙති.එය ද සාමාන්‍යයෙන් දේශපාලනයෙන් හිස උදුම්මා ගත් පවුලේ පිරිස් එම දේශපාලන ඤරිතවලට නොයෙකුත් හානි කරන වටපිටාවක ඔබ ලැබූ භාග්‍යයකි.ඉතිං මේ සියල්ල දෙස නැවත මෙනෙහි කොට අතපසු වූ දේ නිවැරදි කර ගනිමින් අලුත් ගමන අරඹනු ඇතැයි අපි විශ්වාස කරමු.
www.supirikrida.com
No comments:
Post a Comment