මෑත කාලීනව ඉතියෝපියානු දුර දිවීමේ ආධිපත්‍යයට අභියෝග කළ කෙන්යානුවන්ට එරෙහිව මුහුණ දීමට යළිත් ඉතියෝපියාවේ සූදානම පැහැදිළි කරමින් ඩුබායි මැරතන් තරගයේදී ඉතියෝපියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ දස්කම් දැක් වූහ.පිරිමි අංශයේදී මුල් හතරම ඉතියෝපියානුවන් සතු වූ අතර කාන්තා අංශයේදී මුල් ස්ථාන හයම දිනා ගත්තේ ඉතියෝපියානු ක්‍රීඩිකාවෝය.
පිරිමි අංශයේදී ජයග්‍රහණය ලද ඉතියෝපියාවේ ඩෙසිසා බෙන්ටි මේ වසරේ හොදම කාලය වැය කරමින් පැය 2:04:45 ක කාලයක් වැය කරමින් තරගය නිම කළ අතර පළමු ස්ථාන පහම තත්පර අටක් තුළ එම ඉසව්ව නිමා කිරීම යම් ආකාරයක කෙටි දුර ඉසව්වක අවසානය සිහි ගැන්වීමක් විය.නමුත් මෙම තරගයේ ඉකුත් වසරේ ජයග්‍රාහී කාලය මීට වඩා හොද වූ අතර එම තරගය ජය ගත් ඉතියෝපියාවේ ඇබෙස්රෝ බිෂා තරගය නිම කළේ පැය 2:04:23 දී ය.
කාන්තා අංශයේදී ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ ට්සෙගෙයා බෙයිනි ය.ඇය ඉතියෝපියානු ක්‍රීඩිකාවක් වූ අතර ඇය මෙම ඉසව්ව නිමා කළේ,පැය 2:23:23 ට ය.එයද මෙම වසරේ වාර්තා වූ හොදම කාලය විය.එම තරගයේදී ද පළමු ක්‍රීඩිකාවන් තිදෙනා තත්පර 27 ක් ඇතුළත තරගය නිමා කිරීමට සමත් වූයේ තියුණු අවසානයක් ප්‍රදර්ශණය කරමින් ය.පිරිමි තරගයේදී මෙන්ම කාන්තා තරගයේදී ද ඉකුත් වසරේ ජයග්‍රාහී කාලය මේ වසරට වඩා හොද විය.එම තරගය ජය ගත් මෙලියා මෙඩෙස්සා පැය 2:19:31 ට ය.www.supirikrida.com

No comments:
Post a Comment