Jan 29, 2013

ලෙයට ලේ සටනකින් පසු ශ්‍රී ලංකාව ජය ගනියි

There were heated exchanges after a closely contested matchසිඩ්නි ක්‍රීඩාංගණයේදී සුළු වර්ෂාවකින් පසුව තරගය අත හැර දමා ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගැනීම වැළක් වූ ඕස්ට්‍රේලියාව ඊයේ විනිසුරුවරයන්ගේද,අල්ලපු රටේ තරග තීරක ජවගාල් ශ්‍රීනාත් ගේ  තීරණයෙන්ද සුරැකෙමින් වර්ෂාවෙන් වූ හානිය නෙසළකා තරග වැදුණේ ශ්‍රී ලංකාව ඉදිරියේ 20 - 20 තරගාවලිය පරාජය නොවී සිටීමේ උවමනාවෙන්ය.නමුත් තරගය අතහැර දැමුනේ නම් 1 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට ත්‍රබූ අවස්ථාව තරගය පැවත්වීමෙන් 2 - 0 දක්වා පුළුල් කර ගනිමින් පරාජයේ අවමානයේ වර්ගපලය දෙගුණ කර ගන්නට අවසානයේදී ඕස්ට්‍රේලියාවට සිදු විය.
වෙනදා මෙවැනි සිදුවීම් වලින් ශ්‍රී ලංකාව කෝප ගන්වා ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිද දැමීමේ උපක්‍රමය මෙවරද ඕස්ට්‍රේලියාව භාවිතා කළ ද,එයින් සාර්ථක වූයේ කෝප ගැන්වීමේ පාර්ශවය පමණි.ඒ නිසා කේන්ති ගිය ලංකාවට පරාජය වූ සුහද සිතින් අත දී සිය ජයග්‍රහණය ගැන සතුටු වන ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගයේදී සිදු වූයේ තරගයෙන් පසුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග කෝපාවිශ්ටව හැසිරෙන්නට ය.තරගයේ අවසාන පන්දු කිහිපය වන විට ලෙයට ලෙය සටනක් තරමට ආවේගශීලී වූ අතර දෙපිළ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගැනීමේ වගකීම අවසාන පන්දුවේදී පැවරී තිබුණු තිසර පෙරේරා,සිය වගකීම පන්දුවට පහර දීමේදී පන්දු 15 ක් තුළ ලකුණු 35 ක් ලබා ගෙන සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ අයුරෙන්ම සිදු කළේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබූ ලකුණු 4 එක ලකුණට සීමා කරමින්ය.
ශ්‍රී ලංකා ඉණිමේ දී මහේල ජයවර්ධන සිය පරිනත භාවය අපූරුවට විදහා දක්වන ඉණිමක් ක්‍රීඩා කළ අතර ලකුණු 33 ට කඩුලු 2 ක් බිද වැටී සිටියදී තරගයේ හයවන ඕවරයේ සිව්වන පන්දුවේදී පටියට පිවිසි මහේල තරගය නිමාව වන තුරුම පන්දුවට පහර දෙමින් පන්දු 45 දී ලකුණු 61 ක් ලබා නොදැවී සිටියේය.සිව්වන කඩුල්ල සදහා ජීවන් මෙණ්ඩිස්( 25)  සමග එක්ව ලකුණු 63 ක සබදතාවයක් පැවත් වූ මහේල ප්‍රවේගකාරී තිසර සමග ලකුණු 60 ක නොබිදි සබදතාවයක් පස් වන කඩුල්ල වෙනුවෙන් පැවත් වූයේ පන්දු ඕවර් 4 ත 4 දී ය.
පිළිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම බලාපොරොත්තුව වූ ඩේවිඩ් වර්නර් දවා ගනිමින් මෙම තරගාවලිය පුරාම පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ජය මාවතට කැදවා යාම ඇරඹූ නුවන් කුලසේකර යහපත් ආරම්භයක් ලබා දුන් අතර නමුත් ෂෝන් මාෂ් සහ නායක බේලි එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් 86 ක් එක් කරමින් ඕස්ට්‍රේලියාවට ජයග්‍රාහී බලා පොරොත්තු ඇති කළ ද තිසර තීරණාත්මක මොහොතේදී බේලී ව ගොදුරු කර ගනිමින් ද,පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් හොද විශ්වසනීයත්වයකින් පසු වූ මක්සවෙල් අන්ද- මන්ද කරමින් අවසාන පන්දුව පිත්තේ නොවදින සේ යොමු කරමින්ද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින් තරගයේ වීරයා බවට ද පත් විය.
තරගාවලියේ සමස්ත ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573020.html

www.supirikrida.com 

2 comments:

Anonymous said...

//තරගයේ අවසාන පන්දු කිහිපය වන විට ලෙයට ලෙය සටනක් තරමට ආවේගශීලී වූ දෙපිළ අතරින් කණ්ඩායම බේරා ගැනීමේ වගකීම අවසාන පන්දුවේදී පැවරී තිබුණු වගකීම පන්දුවට පහර දීමේදී පන්දු 15 ක් තුළ ලකුණු 35 ක් ලබා ගෙන සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ අයුරෙන්ම සිදු කළේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබූ ලකුණු 4 එක ලකුණට සීමා කරමින්ය.//
මේක ගැලපෙන්නෙ නෑ.

nisman ranasinghe said...

ස්තූතියි දෙපළටම,තාක්ෂණ අවුලක් නිසා ඇතැම් වචන ඇතුළත් වෙලා නෑ.නැවත පරික්ෂා නොකරීම මාධයකරුවෙක් විදිහට මා අතින් වූ සමාව දිය නොහැකි වරදක්!ඒත් සමාවෙන්න.අපැහැදිළි තැන නිවැරදි කළා