ක්‍රියාත්මක වන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වන ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී කෞශල්‍යයා ලොකුසූරිය පෑ ජවසම්පන්න ප්‍රහාරයේ කෞශල්‍යය හේතුවෙන් එක් කඩුල්ලක ඓතිහාසික ජයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.වත්මන් ලෝක කුසලාන සූරියන් වන එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලැබූ මෙම ජය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වන අතර එය එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ලද පළමු ජය ලෙස ද ඉතිහාසයට එක් වන්නේය.
මෑත කාලයේ පැවති තරග වලදී පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ අංශයන් හී ප්‍රගතියක් පෙන්වමින් සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පිතිකරණ අංශය පිළිබදව සැළකිල්ලකින් කටයුතු කරන බව පැහැදිළි කරමින් පුහුණු තරග වලදී දකුණු අප්‍රිකාවද පරාජය කළේය.
කණ්ඩායමේ සංයුතිය ගත් විට අංක 10 දක්වාම පිතිකරණයේ හැකියාවක් ඇති ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායමක් වශයෙන් හැදින්විය හැකි ශ්‍රී ලංකාව මෙම තරගයේදී ද චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් ගේ සුපිරි පිතිකරණය ඉදිරියේ ජයග්‍රාහී ස්ථාවරයකට පිවිසිණ.විශේෂයෙන් පන්දු 72 දී ලකුණු 62 ක් ලැබූ චමරි සහ ලකුණු 46 ක් ලැබූ යශෝධා ආරම්භක කඩුල්ලට ලැබූ ලකුණු 103 එංගලන්තයේ ලකුණු 238 ක ලකුණු ප්‍රමාණය හඹා යා හැකි බවට ගොඩ නැගූ විශ්වාසය පසු පෙළ පිතිකරණයට මහත් සැහැල්ලුවක් උදා කළේය.
නමුත් ලොව ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට අවිවාදිත චාලට් එඩ්වඩ්ස් ගේ නායකත්වයෙන් වූ එංගලන්තය යළිත් තරගයට පිවිස ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ පාලනය සියතට ගත් අතර චමරි සහ යශෝධා ගේ සාර්ථකත්වය රැක ගත හැකි ඉණිමක් මුල් පෙළේ පිතිකාරිණියන් අතරින් ක්‍රියාත්මක කළේ නායිකා ශෂිකලා සිරිවර්ධන පමණි.ඇය ලකුණු 34 ක් ලැබූ අතර ජයග්‍රහණය ආසන්නයේ සිටි ශ්‍රී ලංකා ලකුණු පූවරුව 39 වන ඕවරයේ පළමු පන්දුව වන විට කඩුලු 5 ට ලකුණු 157 ක් බවට පත් වූයේ ජයග්‍රාහී ඉලක්කය ඕවරයකට ලකුණු හයකටත් වැඩි කරමින්ය.
එහෙත් සිව් වන කඩුල්ල දැවීමෙන් පසු පිටියට පිවිසෙන කෞශල්‍යයා ලොකුසූරිය සිය පළමු ලකුණ නෙලා ගන්නට පන්දු 8 ක් වෙහෙසී බලා සිටියද,ඉන් අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් චාමිණි සෙනවිරත්න (14) සමග ලකුණු 40 ක් ද,අනතුරුව දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා සමග ද එක් වෙමින් එංගලන්ත පන්දු යවන්නියන්ට බැට දුන් කෞශල්‍යයා පන්දු 41 දී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත උදා කර දුන්නේය.තරගය නිමා වන්නට පන්දු 3 ක් තිබිය දී අනවශ්‍යය ආකාරයට දුවද්දී දැවී යමින් සිය ඉණිමේ වටිනාම මොහොත සමරන්නට ක්‍රීඩා පිටියේ රැදෙන්නට වරම් අහිමි කර ගත් කෞශල්‍යයා සමග තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තුව,ජය - පරාජය නොවිසදුණු තරගයක් දක්වා පරිවර්ථනය වූව ද,තරගයේ තීරණාත්මක අවසාන පන්දුවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඩිලානි මනෝදරා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණය උදා කර දුන්නාය.
කෞශල්‍යයා සිය ලකුණු 56 වෙනුවෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර තුනෙන් දෙකක්ම ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් කළාප වලින් එල්ල කළ ඒවා වීම කැපී පෙණින.හරහා පහර එල්ල කිරීමට වඩා පන්දුව එන දෙසින් පහර එල්ල කිරීමට කෞශල්‍යයා දැක් වූ කුසලතාවය කැපී පෙණුන අතර ඒ නිසා ඇයගේ ඉණිම පිටියේ සිව් අතට ප්‍රහාර එල්ල වූ ඉණිමක් විය.
එංගලන්තය සිය පන්දු ඕවර් 50 තුල රැස් කළ ලකුණු 238 ක් වැය වූ අතර එයින් අවසන් පන්දු 13 දී ලකුණු 35 ක් වැය වූ අතර තරගයේ අවසාන පන්දු 5 දී එංගලන්තය ශ්‍රී ලංකා නායිකාවගේ පන්දු ඉදිරියේ ලකුණු 15 ක් උදුරා ගැනීම කැපී පෙණින.එංගලන්ත ඉණිමේ ආරම්භයේදී ලකුණු 29 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ තරගයට අවතීර්ණ වුව ද,ආරන් බ්‍රින්ඩ්ලේ සහ ලීඩියා ග්‍රීන් වේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සබදතාවයක් පවත්වමින් සහ අනතුරුව හය වන කඩුල්ලට ජෙනී ගන් (52) සහ ඇමී ජෝන්ස් (41) එක්ව රැස් කළ ලකුණු 83 ද නිසා එංගලන්ත ලකුණු පූවරුවට ලකුණු 238 දක්වා ගමන් කරන්නට හැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් උදම් වන අයුරු සහ කෞශල්‍යාගේ සුපිරි ඉණිමේ අවස්ථාවක් මේ සමග වන ඡායාරූප වලින් දැක්වෙන අතර පහත සබදතාවය හරහා තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/match/594894.html
www.supirikrida.com

No comments:
Post a Comment