Jan 30, 2013

බේස්බෝල් ක්‍රීඩා සමාජ බෝ කිරීමේ ජන්ද ව්‍යාපාරයක්


 වර්ථමාන බේස්බෝල් පරිපාලනයේ අක්‍රමිකතා පිළිබදව දිගින් දිගටම හෙළිදරව් වීමත්,එම ක්‍රියා කළාප නිසා මේ වන විට ක්‍රියාත්මක ක්‍රීඩා සමාජ දැඩි කළකිරීමට පත්ව සිටීමත් යන කරුණු පදනම් කරගෙන,මෙවර පවතින නිලවරණයේදී,පරිපාලනයට එරෙහි බලවේග ඉස්මතු වේය යන සැකය පදනම් කරගෙන බේස්බෝල් ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන බව කියමින්,බෝඩ් ලෑලි ක්‍රීඩා සමාජ කිහිපයක් ලියාපදිංචි කර ඒවාට ජන්ද බලය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.ඒ අනුව ලීග් තරගාවලිය මේ වන විටත් අවසන් කර නොතිබෙන තත්ත්වයක ඊ ළග ජාතික තරගාවලිය පවත්වා එම ක්‍රීඩා සමාජවල ඡන්දය බලාත්මන කිරීමේ වෑයමක් නව ක්‍රීඩා සමාජ ලියාපදිංචිය තුළ සැගවී තිබෙන බව ද එම තොරතොරු ඔස්සේ වාර්තා වෙයි.
මේ අතර වර්ථමාන පරිපාලනයට සම්බන්ධ ප්‍රබල චරිත ද එහි ඇතැම් ක්‍රියාවන් පාලනය කිරීමට නොහැකි වී  තිබෙන බැවින් සහ එම නිල නාම බෝඩ් ලෑලි වලට පමණක් සීමා වී එක් අයෙකුගේ උවමනාවන් මත යැපෙන තත්ත්වයට පත් වී තිබීම පිළිබදව කනස්සල්ලෙන් පසුවන බවත්,ඒ නිසා වෙනත් පිරිසක් සමග බලය ලබා ගැනීමට මේ දිනවල රහස් සාකච්ඡාවග නියැලෙන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වන අතර,ඉකුත් වර්ෂයේ මේ වන විට ක්‍රීඩාව ක්‍රියාත්මක වෙමින් පවතින මාලඹේ තාක්ෂණ විද්‍යාලීය කණ්ඩායමට සිය ක්‍රීඩා සමාජය ලියාපදිංචි කිරීමට අවසර නොදෙමින් කටයුතු කළ පරිපාලනය එවැනි ක්‍රීඩා සමාජ කිහිපයක් බේස්බෝල් ක්‍රීඩා සමාජ ලියාපදිංචියට කළ අවසරය ප්‍රතික්ෂේප කරමින් ක්‍රියා කර,ජන්දය ඉලක්ක කර ක්‍රීඩා සමාජ පිහිටුවා බලය රැක ගැනීමට දරණ උත්සාහය පිළිබදව ද කණස්සල්ලෙන් පසුවන බවත්,මේ තත්ත්වය නිසා තමන්ට වෘත්තීය මට්ටමෙන් සමාජය තුළ ඇති පිළිගැනීම පවා පිරිහෙන තත්ත්වයක් ඇති වන බවට එම නිලධාරීන් මැසිවිලි නගන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
එසේ කළකිරීමට පත්ව සිටින පිරිස් තීරණාත්මක මොහොතකදී මෙම පරිපාලනයෙන් වෙන්ව වෙනම පරිපාලනයක් පිහිටුවීමට සූදානම් බව ප්‍රකාශ කරමින් ක්‍රීඩා සමාජ මට්ටමෙන් රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම තොරතොරු තව දුරටත් අනාවරණය කරයි.ඒ නිසා එළැඹෙන බේස්බෝල් නිලවරණයේදී පවතින පරිපාලනය බෙදී යාමක් ඇති වීමට විශාල ඉඩ - කඩක් පෙන්නුම් කරන අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇති චෝදනා ප්‍රසිද්ධ කරමින් කරන තරගකාරී ස්වභාවයක් මෙවර නිලවරණයේදී අපේක්ෂා කළ හැකි බවත් එම ප්‍රවෘත්තිවලින් පෙන්වා දෙයි.
www.supirikrida.com

No comments: