පළමු දිනයේ ලකුණු 299 ක් කඩුලු 4 ට ලබා සිටි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉලක්කම් තුනේ ඉණිම් ක්‍රීඩා කිරීම සාමාන්‍ය තත්ත්වය බව ප්‍රදර්ශනය කරමින් සිටින නායක මයිකල් ක්ලාක් විශාල හිස රදයක් වනු ඇතැයි අපේක්ෂා කළ ද ඔහු ලකුණු 74 ට දැවී ගියා.අනතුරුව මයික් හසී, මැතිව් වේඩ් සමග එක්ව ශ්‍රී ලංකාවට එරෙහි ගොඩ නැගුණු භයානකම සබදතාවය ක්‍රියාත්මක කළ අතර ඕවර් 37.5 දී ලකුණු 146 ක නොබිදි සබදතාවයක් ක්‍රියාත්මක කළේ ලකුණු පූවරුව 450 දක්වා ඉහළට ඔසවා තබමින් .
ඒ අනුව ප්‍රබල තත්ත්වයක පසු වූ ඕස්ට්‍රේලියා ලකුණු පූවරුවට අභියෝගයක් වන්නට පැමිණි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉණිම ඇරඹු දිමුත් කරුණාරත්න ලකුණු 14 ට දැවී ගිය අතර යළිත් අසාර්ථක වූ සංගක්කාර ලකුණු 4 ට සහ මහේල ලකුණු 12 ට දැවී ගියා.
සමස්ත ලකුණු සටහන සදහා පහත සදහන් සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com
No comments:
Post a Comment