සිංගප්පූරුවේ ක්‍රියාත්මක සය ජාතික දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70 - 63 ක ජයක් හිමිවිය.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දරා ගැනීම සහ ආරක්ෂක පෙළ මැනවින් ක්‍රීඩා කළේ නම් මෙම ජයග්‍රහණය මීට වඩා ලකුණු පරතරයක් සහිත ජයක් කර ගන්නට තිබුණු බව සිංගප්පූරු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතර ජාත්‍යන්තර ශ්‍රේනිගත කිරීම් වලට අනුව පහතින්ම සිටින අයර්ලන්තයට එරෙහිව ප්‍රථම කාර්තුව ලකුණු 22 - 16 ක් ලෙස පෙරට පැමිණි ශ්‍රී ලංකාව දෙවන කාර්තුව ජය ගනිමින් පළමු අර්ධය නිමා වන විට ලකුණු 40 - 28 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
නමුත් තෙවන කාර්තුවේදී අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ශක්තිමත් භාවය සහ දරා ගැනීමේ හැකියාව ඉදිරියේ ලකුණු ලබා ගැනීම සිදු වූයේ ශ්‍රී ලංකාව ලකුණු 20 ක සහ අයර්ලන්තය ලකුණු 16 ක් ලෙසය.මේ තත්ත්වය සිව්වන වටයේදී තවත් හොදින් පැහැදිළි වන්නට වූ අතර එහිදී අයර්ලන්තය ලකුණු 16 - 13 ක් ලෙස සිව්වන කාර්තුව ජය ගන්නට සමත් විය.නමුත් මුල් වට දෙකේ ලබා තිබූ වාසියේ මහිමයෙන් අවසාන ප්‍රතිපලයේදී හ්‍රී ලංකාවට ලකුණු 7 ක් ඉදිරියෙන් සිට තරගය ජය ගැනීමට හැකි විය.
මේ අතර සිංගප්පූරුවට එරෙහිය ගෙදරය පැන පහර දීමක් කිරීමට ටැන්සානියාව සමත් වූ අතර සිංගප්පූරුව ඔවුන් ඉදිරියේ 34 - 51 ලෙස පරාජය ලැබීය.මැලේසියාව සහ නැමීබියාව අතර තරගයේදී නැමීබියාව තරගයේ මුල් කාර්තුවේ දී ලකුණු 12 - 11 ක් ලෙස පෙරට පැමිණිය ද,සමස්ත තරගය පුරා එම වාසිදායක තත්ත්වය රදවා ගැනීමට වර්ධනය කර ගැනීමට අවස්ථාවක් නොදුන් මැලේසියාව තරගය ලකුණු 59 - 42 ක් ලෙස පහසු ජයග්‍රහණයකින් කෙළවර කළේය.
www.supirikrida.com

No comments:
Post a Comment