මේ තත්ත්වය නිසා සමබර සහ සමතල වෙනුවට විවිධ විෂමතාවයන් දකින්නට ලැබීම කණගාටුදායක තත්ත්වයක් විය
ක්‍රීඩා උළෙල අවසානයේ ජාතික ධජය බිම හෙලිමට තරම් නොදැනුවත්ව සහ නොසැළකිල්ලෙන් කටයුතු කිරීම සිදුවන්නේද මේ අසමතුලිත තත්ත්වයන් තුළ ධනාත්මක සංවාදයන් වෙනුවට හුදෙකලාවීම මෙන්ම හුදෙකලා කිරිම් තුළය.කිසිවෙකුට මෙවැනි උළෙලක් තනිව කළ නොහැකිය.එසේම සියල්ලටම කිරිමටද නොහැකිය.ඒ නිසා එක් අධීක්ෂණයක් යටතේ සියළු දෙනාගේ අදහස්වල සාරය පෙරා ගෙන කටයුතු කළ යුතු අතර ඒ සාරය තුළින් සැකසෙන න්‍යාය පත්‍රය පොදු එකක් විය යුතු අතර ඊට අමතරව දේ ඊට ඇතුළත් වීම හෝ එහි ඇති දේ නොසළකා හැරීම සිදු නොවිය යුතුය.සියල්ලගේ අදහස් වලින් සැකසෙන න්‍යාය පත්‍රය තුළ පෞද්ගලිකව තමන් කැමති දේ නොතිබිය හැකි වුව ද,එය සාක්ෂාත් කිරීම පිණීස කටයුතු කිරීමේ සදචාරාත්මක සහ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් සැමට තිබිය යුතුය.
එසේම උළෙල සම්බන්ධයෙන් ප්‍රචාරණ කාර්යයන් ඉටු කිරීමේදී නිවැරදිව කටයුතු කිරීම වැදගත් වන්නේ එම තොරතොරු සමාජ ගතවන බැවිනි.ඒවා නිවැරදි නොවීමෙන් වැරදි තොරතොරු ස්ථාපිත වීම නොවැළක්විය හැකිය.උළෙල සම්බන්ධයෙන් තොරතොරු පරිශිලනය කිරීමට යොදා ගන්නා තාක්ෂනික අත්පොතේ ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පළාත නිවැරදිව සටහන් වී නොතිබිණ.එසේම ප්‍රචාරණ පූවරු සැකසීමේදි අක්ෂර වින්‍යාශය වැරදියට යොදා තිබීම මෙන්ම විවිධ ලිඛිත රීතීන් බිද දැමීමද සිදු වී තිබෙනු දක්නට ලැබිණ.ඒවා නිවැරදිව මුද්‍රණයට පෙර පරික්ෂා කර සළකුණු කර තිබුණේද නැද්ද යන්න විමසා ඒ සම්බන්ධයෙන් වන ගෙවීම් පිළිබදව තීරණ ගැනීමට පෙළඹීම බලධාරීන්ගේ යුතුකම වනුනේ වානිජමය පරමාර්ථ වලින් වැරදි කිරීමට තිබෙන අවස්ථා අඩු කළ යුතු බැවින්ය.පළමු දිනයේ සිටම එම දෝෂ සහිත පූවරු ප්‍රදර්ශනය වීමට දී තිබීම කණගාටුදායක තත්ත්වයක් වන්නේ ඒවා ප්‍රදර්ශණය කිරීමෙන් පසු හෝ වගකිවයුත්තෝ නරඹා නැති නිසා විය යුතුය.
නැවතත් ක්‍රීඩා උළෙලට හැරෙද්දී ඇතැම් පළාත් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබී තිබූ වරප්‍රසාද,තවත් පළාතක ක්‍රීඩාවන් සදහා ලැබී නොතිබිණ.ඇතැම් විට ක්‍රීඩකයන්ද වරප්‍රසාද ලබනු විනා සිය පළාත වෙනුවෙන් ක්‍රීඩා තරග සදහා ඉදිරිපත් වීමට කල්පනා නොකිරීම ද දක්නට ලැබිණ.ඒ නිසා බොහෝ ඉසව් කෙළින්ම අවසාන තරගය සදහා පිවිසිණ.මේ තත්ත්වයට පළාත් ක්‍රීඩා පරිපාලන ඒකක මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද වග කිව යුතුය.
ක්‍රීඩක දක්ෂතා මෑත කාලීනව යම් පිබිදීමකට ලක්ව තිබෙනු දැකිය හැකිය.ඊට සාපේක්ෂව මේ තරගාවලියේ දක්ෂතා හොද මට්ටමකින් ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට නෙැලිබිණ.නමුත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඇතැම් ඉසව් ද ගත් විට හොද ප්‍රගතියක් මේ තරගාවලිය තුළද ප්‍රදර්ශනය කිරීම කැපී පෙණින.
තරගාවලිය පුරාම තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් කසු-කුසු කොතෙකුත් ඇසිණ.විශාල පිරිසක් මේ තත්ත්වය සමතයකට පත් කිරීමට තහනම් උත්තේජන පරීක්ෂණය සදහා ලේ පරික්ෂාව සිදු කළ යුතුය යන මතයේ පිහිටා සිටිනු බව පෙණින.මේ තත්ත්වය තරගයේ දෙවන දිනයේදි ශ්‍රී ලංකාවේ අනාගත කෙටිදුර බලාපොරොත්තුව බවට මතු වෙමින් සිටින හිමාෂ ඒෂාන් ට තහනම් උත්තේජන චෝදනා එල්ල වීමත් සමග වැඩිපුර සංවාදයට ලක් වෙනු දකින්නට ලැබිණ.එම උත්තේජනය එන්නතක් නොව බීඹට ගන්නා අතිරේක පෝෂණ සංඝටයකින් ලැබුණු එකක් බවට පැතිරෙන තොරතොරු ද දෙයාකාරයකින් අවධානයට ලක්විය යුතුය.පළමු වැන්න එවැනි ශක්තිජනක අතිරේක ආහාර වර්ග පැමිණෙද්දීම පරීක්ෂනයට භාජනය කළ හැකි යම් ක්‍රමවේදයක් සැකසිය යුතුය.දෙවැන්න කුමන දෙයක් කෑමට බීමට ගත්තද එය ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ අනුමැතියෙන් ගැනිය යුතුය.ඇතැම්විට එහි මතුපිට දත්ත සමග ඒ සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් තහවුරු කර ගත නොහැකිනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් කර අවශ්‍යය කටයුතු කිරීමට පසුබිමක් තිබිය යුතුය.
නමුත් දැන් පශ්චාත් පරීක්ෂණ සදහා එකිනෙකාට ඇගිල්ල දිගු කර ගැනීමට කාලය නොවන බව අපි සිතන්නෙමු.වගකිව යුත්තා කවුරුන්ද යන්න නොව මග හැරුණු තැන් හදුනගෙන කටයුතු කිරීම වැදගත්ය.39 වැනි ක්‍රීඩා උළෙලේදී හෝ මෙවැනි දේ නොලියා සුභාශිංෂණ කිරිමේ අදිටනින් ලියන සටහනක් වන මේ සටහනට අවසානයේ නව තාක්ෂණය භාවිතයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දක්වන මැලි කම ඉවත් කර ගත යුතුය යන්නද තියා තැබිය යුතුමය.විශේෂයෙන් ප්‍රතිපල ලබා දීමේදී ප්‍රතිපලයෙන් ප්‍රතිපලය යතුරු පූවරුවේ අකුරු කිරීමේ වෑයමට වඩා අලුත් මෘදුකාංගයක් නිර්මාණය කර ගැනීම වැදගත්ය.විශේෂයෙන් දැනටත් මලල ක්‍රීඩා සංගමය සතුව තිබෙන ප්‍රතිපල නිකුත් කිරීමේ තාක්ෂණය හෝ ඒ සදහා යොදා ගන්නේ නම් වැදගත්ය.
සුගතදාස ක්‍රීඩාංගණ බලධාරීන්ද අවශ්‍ය පරිදි විද්‍යුත් කාල ඝනක පරීක්ෂනය සහ තරග අවසාන ඡායාරූප පරීක්ෂණ මැදිරියේ සිට නිකුත් කරන තාක්ෂණ පරීක්ෂණ ප්‍රතිපලය කෙළින්ම අදාළ උළෙල පරිපාලනය සමග සම්බන්ධ වන පරිදි සම්බන්ධ කරන්නේ කෙසේද යන්න පිළිබදව කල්පනා කාරී විය යුතුය.එම ප්‍රතිපලය වෙනසක් හෝ විරෝධතාවයක් ඉදිරිපත් කිරිමට ලබා දී තිබෙන නීත්‍යානුකූල කාලය තෙක් නොනිල ප්‍රතිපලයක් ලෙස ඉදිරිපත් කර ඉන් අනතුරුව නිල ප්‍රතිපලයක් ලෙස නිකුත් කිරීමට හැකියාව තිබෙනාකාරයෙන් සකස් කළ හැකිය.
එසේම දෝෂ සහිත ඉදිරිපත් කිරීම් සදහා ගෙවීමේදී ඒ දෝෂයන් පිලිබදව සැළකිල්ල යොමු කිරීමද වටින්නේය.සොරි යන වචනයෙන් එක වචනයක වැරදීමකින් සිදුවන පෞරෂහානිය නැවත සකස්කර ගත නොහැකි බව අපි දනිමු.ඒ නිසා කාර්යයක් ඉටු කිරීමේදි වඩාත් නිවැරදිව ඉටු කිරීම සදහා පොළඹවන්නටනම් කුමන හෝ තැනෙකින් වරදට දඩුවමක් තිබෙන බව පෙන්නා දිය යුතුය.එය ඉතාමත් වැදගත්ය.
වඩාත් නිවැරදි වූ සහ පිළිවෙළක් සහිත 39 වන ක්‍රීඩා උළෙලක් දැකීම අපේ ප්‍රාර්ථනය වන්නෙමු.
www.supirikrida.com
No comments:
Post a Comment