Dec 2, 2012

ලංකාවෙන් ඉන්දියාවට මුෂ්ටි ප්‍රහාරයක්

සියාවේ විශිෂ්ඨ බොක්සිං සංසිකෘතියක් ඇති රටක් ලෙස පිළිගැනෙන ඉන්දියාව අභිබවා පෙරට එමින් ඉන්දීය - ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං තරගාවලියේ සූරයන්ට හිමි MAS හොල්ඩින්ග්ස් අභියෝග කුසලානය ශ්‍රී ලංකාවේ රදවා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි බොක්සිං කණ්ඩායම සමත් වුණා.පිරිමි තරග 4 ක් සහ කාන්තා තරග 3 ක් ලෙස ක්‍රියාත්මක වූ තරගාවලියේ පිරිමි අංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජය ලබා දෙන්නට අනුරුද්ධ ගුණතිලක සහ ගයාන් බණ්ඩාර සමත් වූ අතර මහත් බලාපොරොත්තු තබා සිටි සුරේස් පට්ටිආරච්චි ඉතාමත් තියුණු තරගයකින් පසුව ඒ ස්ලිම්බ්‍රාසන් ඉදිරියේ පරාජයට පත් වුණා.එසේම එරංග මධුෂාන් ට ද අම්රිත් සිං ඉදිරියේ පරාජය ලබන්නට සිදු වුණා.
කාන්තා තරග වලදී අනුෂා කොඩිතුවක්කු මෙන්ම එරන්දි ද සිල්වා ශ්‍රී ලංකාවට ජය ගෙන දීමට කටයුතු කළ අතර විදුෂිකා ප්‍රබාධි පමණක් පරාජයට පත් වුණා.තරගාවලියේ අතිසූර ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ ඒ ස්ලිම්බ්‍රාසන් තේරී පත් වූ අතර සුරේෂ් පට්ටිආරච්චි හොදම පරාජිතයා වුණා.ක්‍රීඩිකාවන් අතරින් අතිසූර ක්‍රීඩිකාව බවට පත් වුණේ අනූෂෘ කොඩිතුවක්කුයි.හොදම පරාජිත ක්‍රීඩිකාව බවට පූජා ටොකාස් පත් වුණා.ජයග්‍රාහකයන්ට පිරිනැමෙන MAS හොල්ඩින්ග්ස් අභියෝග කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත හිමි වුණා.
තරගය නැරඹිම සදහා 6000 ට ආසන්න පිරිසකගේ සහභාගීත්වය දකින්නට ලැබුණා.විශේෂයෙන් රාජ්‍ය මට්ටමේ ක්‍රීඩා උත්සවයකට ප්‍රවාහන පහසුකම් ලබා දීමෙන් හෝ 1000 ක් රැගෙන ඒම මහත් දුෂ්කර වෑයමක් වුව ද ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ ශක්තිය බවට පත්වී සිටින මාස් සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් ට එහි සභාපති මහේෂ් අමලියන්ගේද නොමසුරු සහය ලැබෙන බැවින් ලාංකේය බොක්සිං ක්‍රීඩාවට නරඹන්නාගේ අවශ්‍යයතාවයේ සිටම සියළු අඩු - ලුහුඩු පියවීමට ලැබීම අතිශයින් ප්‍රශංසාවට ලක්විය යුතු වෙනවා.
එසේම තරගාවලිය සංවිධානයේදී වර්ථමාන බොක්සිං සම්මේලනය එහි සභාපති ඕබ්‍රි පීරිස් සහ ලේකම් මහේෂ් දහනායක ඇතුළු විධායක මඩුල්ල සියල්ල සාර්ථක ලෙස අවසන් කිරීමට දක්වා තිබෙන උනන්දුව සහ කැපවීමද ඉතා ඉහළ මට්ටමක පැවතීම ද අගය කළ යුතුයි.
www.supirikrida.com

1 comment:

APJ said...

අන්තිමට දාපු ජාතික ගීය ඇරෙන්න අනිත් ඔක්කොම හොදටම තිබ්බ.
අනූශා අක්කටත් හොද සමුගැනිමක්.
සමස්තයක් විදියට ගත්තම හොද තරගාවලියක් තිබ්බ. මහන්සි උන සියලුම දෙනාට උනුසුම් සුබපතුම්!!!