දැල් පන්දු ඉතිහාසය ආශ්‍රීත අප සතු තොරතොරු වලට අනුව ශ්‍රී ලංකාව කණිෂ්ඨ අංශයේදී මැලේසියාව ඉදිරියේ පරාජය ලබා තිබුණද,ප්‍රථම වරට ජාතික කණ්ඩායමක් වශයෙන් පරාජය වීම මෙවර සය ජාතික සිංගප්පූරු දැල් පන්දු තරගාවලියේදී ඊයේ (දෙසැම්බර් 04) සිදු විය.ඒ ලකුණු 73 - 66 ක් ලෙස ය.තරගයේ පළමු අර්ධය නිම වන විට ශ්‍රී ලංකාව 30 - 41 ක් ලෙස පසු පසින් සිටි අතර දෙවන අර්ධයේදී එම ලකුණු පරතරය ලකුණු දෙකකින් අඩු කර ගන්නට සමත් විය.
මේ පරාජය ජගත් ශ්‍රේණිගත කිරීම්වලට යම් බලපෑමක් එල්ල කළ හැකි පරාජයක් වන අතර වර්ථමානයේ ශ්‍රී ලංකාව 23 වන ස්ථානයේ පසුවන අතර මැලේසියාව සිටින්නේ 25 වන ස්ථානයේය.තරගාවලියේ දෙවන දිනය වූ 03 දා ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව ජය ගත්තද නැමිබියානු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායම 2011 දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළේ හිටපු පුහුණුකාරිණියගේ සම්ප්‍රාප්තියත් සමග ජ්‍යෙෂ්ඨයන් බිදී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය.එම පුහුණුකාරියට එම තනතුරට පත් වීමට අදාළ පසුබිම සකස් කිරීමට උනන්දු වූ කණ්ඩායමේ සිටි යසා රාමචන්ද්‍රයන් අද පුහුණුකරු තනතුරේ සිටින අතර ඔවුන් සියල්ල හිටපු පුහුණුකාරියගේ පදයට රගමින් සිටියදී යළිත් ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු දක්ෂ ක්‍රීඩිකාවන් කණ්ඩායමට කැදවීමේ අවශ්‍යයතාවය ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දීමට මැදිහත් වූයේ 'සුපිරික්‍රීඩා' ය.
නමුත් වර්ථමානයේ අමාත්‍යවරයා මාධ්‍යකරුවන් හෝ මාධ්‍ය වලින් පෙන්වා දෙන කරුණු පිළිබදව සිය අවධානය යොමු කිරීම පසෙකලා නිලධාරීන්ගේ උපදේශයන් පමණක් විශ්වාස කරන තත්ත්වයට පත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇත.yes sir න්‍යායෙන් ඔබ්බට නොයමින් සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය ආශිර්වාදය ලබා ගන්නා දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ද අසු පනින තෙක් පිටේ යෑමට සිතන සහ පනින ඕනෑම අසෙකු පිට සිය ගමන යෑමට සිතන අය මිස අමාත්‍යවරයාගේ හෝ ක්‍රීඩාවේ දීර්ඝ පැවත්ම පිලිබදව සිතන අය නොවේය.ඒ නිසා සැබෑ චිත්‍රය වසං කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.
මේ නිසා මේ වන විටත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශය සිය නෙට්බෝල් අනුග්‍රාහකයන්ට ලබා දුන් සිහින අළු බවට පත් වෙමින් තිබෙන අතර මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හය අතරේ තෙවන තැන සිටින ශ්‍රී ලංකාව මැලේසියාවට පරාජය වීමෙන් අනතුරුව තව දුරටත් පහළට තල්ලු වී යාමේ අවදානමකට ලක් වී ඇත.
තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ගත් විට සිංගප්පූරුව (18),ටැන්සානියාව (19),ශ්‍රී ලංකාව (23),මැලේසියාව (25),නැමීබියාව (26) සහ අයර්ලන්තය (28) ලෙස පිළිවෙලින් පසු වනු දකින්නට හැකිය.මේ සියල්ල සදහා බලපෑවේ පැවති අතුරු කමිටුවේ සභාපතිණියට සහ අමාත්‍යවරයගේ දෝෂ දර්ශණයට ලක් වන පිරිස් නොවන බව ඉතිහාසය පිළිබදව විමසීමේදී පැහැදිළි වන අතර අද අමාත්‍යවරයාගේ අනුකම්පාවට සහ වරප්‍රසාදයන්ට ලක් වන පිරිස් ලාකේය දැල් පන්දුව ජාත්‍යන්තර මට්ටමෙන් ඉතිහාසයේ පහළම අඩියට කඩා වැටීමට මුල් වූ ආසියානු සූරතාවය දිනූ කණ්ඩායමේ පුහුණුකාරිය ඉවත් කිරීමට අවශ්‍යය පසුබිම සකස් කළ පිරිසය.
නමුත් ඉතිහාසය පිළිබදව කරුණු සොයා බලා අමාත්‍යවරයා දකින චිත්‍රයේ ඇති වැරදි රේඛා මකා දැමීමට යෝජනා කරන්නට නොව අමාත්‍යවරයාට yes කීමෙන් හිත දිනා ගැනීම පිණිස ඒ චිත්‍රය පාට කර දීමට ඉදිරිපත් වන අය ද ඒ පිනෙන් සිංගප්පූරුව වන්දනා කරන්නට වරම් දිනා ගත්හ.මේ තත්ත්වය නිසා පෞද්ගලිකව කැප වී වැඩිම මුදලක් සහිත අනුග්‍රහයක් දැල් පන්දුවට රැගෙන ආ ක්‍රීඩා අමාත්‍යවරයා හිල් කළයකින් වතුර ඇදි චරිතයක් බවට පත් වී ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දැල් පන්දුවේ දැවැන්තම කඩා වැටීම සිදු වූ අවධියේ ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත් වී ඇත.
No comments:
Post a Comment