Dec 4, 2012

තර්ජණීගේ ප්‍රහාරයෙන් නැමීබියාව පැරදෙයි

සිංගප්පූරුවේ පැවත්වෙන සය ජාතික දැල් පන්දු තරගාවලියේ ප්‍රථම ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ ලකුණු 69 - 65 ක් ලෙස රැස් කරමින්.මෙහිදී කැපී පෙණුන දස්කමක් ප්‍රදර්ශණය කර තර්ජණී සිවලිංගම් තම ප්‍රහාර 68 න් 67 ක් ම නිසි ඉලක්කයට යොමු කිරීම කැපී පෙණුනා.ශ්‍රී ලංකාව සහ නැමීබියාව අවසාන වරට හමු වූ අවස්ථාවේ දී ,ලකුණු 77 - 49  ජයක් ලබන්නට නැමීබියාව සමත් වුව ද, මෙවර එම ජය තම අත් වැරදි වලින් ගිලිහී ගිය බව පෙන්වා දෙන නැමීබියා පුහුණුකාරිනිය මර්චා මයිබර්ග් ඔවුන්ට එරෙහි වූ ප්‍රධානතම සාධකය ලෙස තර්ජණි සිවලිංගම්ගේ දැල විදීම පෙන්වා දෙනවා.
මීට පෙර දෙරට හමුවන විට ශ්‍රී ලංකාව නියෝජනය කළේ අත්දැකීම් අඩු කණ්ඩායමක් වූ අතර මෙවර කණ්ඩායමට පසුගිය ආසියාතික අනු සූරතාවය දිනූ කන්ඩායමෙන් ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් අහිමිව තිබුණද ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිටීම වාසිදායක තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබෙනවා.ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය ටැන්සානියාව ඉදිරියේ ලකුණු 67 - 51 ලෙස පරාජය වූ අතර අද මැලේසියාවත් ඉදිරි දින වල දී සිංගප්පූරුව සහ අයර්ලන්තයත් හමු වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

No comments: