![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhel90lNOIUJKUP2LP_OXp_ztjIqOeKvq2Qn4_4sl29PrwQksPu6dO69KC31H4Gj9BtS7D7ZivMDOUGa-jNgfKYP7_EBHtijnTjrgpoUtbCjm7wwDQMVbHG5vtxDotW8R-_3PMR9dDhUps/s1600/masks.jpeg)
නමුත් සුපිරි ක්‍රීඩා විසින් ලීග් තරගාවලියට කණ්ඩායම් අට තෝරා ගැනීමට පදනම වූයේ ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලිය නම් එම තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අදාළ කණ්ඩායම් වල ම ක්‍රීඩා කළ යුතු බවට කරුණු සහිතව සුපිරික්‍රීඩා පෙන්වා දුන් පසු සංවිධායක වරයා ජාතික සංගමයේ අවධානයට මෙම කරුණ ලක් කිරිමට පියවර ගන්නා බව පැවසීය.
මේ ආකාරයෙන් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේදී දක්ෂතා දැක්වූ කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවන බවත් ඇතැම් විට කණ්ඩායමක් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කැපවී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට මේ තත්ත්වය යටතේ අසාධාරණයක් වන බවත් සුපිරික්‍රීඩා පෙන්වා දුන්නේය.මෙහිදී දිනේෂ් පෙරේරා මෙම තරගාවලියට කණ්ඩායම් අට තෝරා ගැනීම සදහා ප්‍රතිමළුන් පිටු දැකීමේ ප්රතපලය අදාළ කර ගත් බව පිළිගත් අතර ඒ අනුව මෙම තරගාවලිය තරගාවලි දෙකකට වඩා එකම තරගාවලියක දිගුවක් බවත්,ඒ අනුව තෝරා ගත් පිරිස වෙනසකින් තොරව දායක කර නොගැනීම නෛතිකව මෙන්ම සදාචාරාත්මකවත් ගැටළුකාරී බවත් අප විසින් පෙන්වා දීමෙන් අනතුරුව ජාතික සංවිධායක වරයා තමාට ඒ පිළිබදව තනිව තීරණයක් ගත නොහැකි බැවින් ඉදිරියේදී සම්මේලනයේ සෙසු නිලධාරීන් හා සාකච්ඡෘ කොට අසාධාරණයක් සිදු නොවන්නට කටයුතු කිරීමට හැකි වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් පැහැදිළි කළේය.
බේස්බෝල් ජාතික කණ්ඩායම වෛද්‍ය ඒකකයේ ලියාපදිංචි කෙරේ
මේ අතර ගෙවුණු පකිස්තාන් සංචාරයේදී කණ්ඩායම සමග සම්භාහකයෙකු රැගෙන නොයාම පිළිබදව අප විසින් කරන ලද විවේචනාත්මක හෙළිදරව්වෙන් පසුව දිනේෂ් පෙරේරා අප වෙබ් අඩවිය සමග ඒ පිළිබදව සාකච්ඡාවක් කළ අතර ඒ වන විටත් ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩකයන් ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි වී එහි පහසුකම් ලබා ගැනීම පිළිබදව අනවබෝධයෙන් සිටින බව පැහැදිළි විය.වර්ථමානයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා යටතේ සියළු ක්‍රීඩා වෙනුවෙන් අදාළ වන වැඩ පිළිවෙළක් සහ පහසුකම් සම්පාදනය කිරිමක් සිදුවන බව අප විසින් පෙන්වා දෙන්නය යෙදුණ අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා බොස්බෝල් සංගමය සිය ජාතික කණ්ඩායම වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ බව පැවසීය.
ඒ අනුව ඉදිරියේදී සම්බාහන කටයුතු සදහා මෙන්ම ඖෂධ වර්ග මෙන්ම වෙනත් අතිරේක ඖෂධ ඇතුළු පහසුකම් සියල්ලම බේස්බෝල් ක්‍රීඩකයන්ටද ලබා ගැනීමට ඉඩ- කඩ විවිර වනු ඇත.එසේම ජාතික සංචිතයේ සියළුම ක්‍රීඩකයන්ට සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබදව කටයුතු කිරිමේදී ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ නිර්දේශ වලට සහ කොන්දේසි වලට යටත්ව කටයුතු කිරිමට සිදුවන අතර මේ දක්වා ඒ වෙනුවෙන් වැය කළ බොහෝ දේ නොමිළේ සේවාවන් සේ ලබා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.
සුපිරික්‍රීඩා විසින් පෙන්වා දුන් කරුණු පිළිබදව ඉක්මන් අවධානය යොමු කර කටයුතු කර අතපසු වී තිබි කාරණයක් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉටු කිරිමට පියවර ගැනීම පිළිබදව ජාතික බේස්බෝල් සංගමයට මෙන්ම ඒ පිළිබදව මැදිහත් වී කටයුතු කළ දිනේෂ් පෙරේරාට ද අපි ස්තූතිවන්ත වෙමු.
www.supirikrida.com
1 comment:
wiya yuththe eyai..... haride hariyata karanawanam kisima prashnayak ne katawath. sri lanka baseball kiyanne kagewath budalayak newei. good work supiri krida........
Post a Comment