Dec 6, 2012

වෙළද සේවා වොලිබෝල් අවසාන තරග 16 දා මහරගම දී


වෙළද සේවා වොලිබෝල් සංගමය අලුත් ගමණකට මුල පුරමින් ආරම්භ කළ වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ මූලික තරග දෙසැම්බර් 1 සහ 2 යන දෙදින තුළ මහරගම ශ්‍රී ලංකා යූත් එළිමහන් කෙළිබිමේ පැවති අතර එහි අවසාන තරග දෙසැම්බර් 16 දා මහරගම යූත් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පිරිමි අංශයේ අවසන් තරගයට Textured Jersey Lanka PLC කණ්ඩායම සහ Brandix Intimate Apparel Ltd-Welisara තේරී පත් වී සිටින අතර කාන්තා අංශයේ අවසන් තරගයට Intimate Apparel Ltd-Redigama සහ MAS Casualline-Mawathagama තේරී පත් වී සිටිති.පිරිමි අවසාන පූර්ව තරග වලදී Textured Jersey Lanka PLC වෙතින් David Peiris Motor Company LTD කණ්ඩායම වට 2 - 1 ක ජයක් ලැබූ අතර Brandix Intimate Apparel Ltd-Minuwangoda වට 2 - 0 කින් පරදා Brandix Intimate Apparel Ltd-Welisara කණ්ඩායම ජය ලැබීය.කාන්තා අවසාන පූර්ව තරග වලදී MAS Casualline-Mawathagama  කණ්ඩායම MAS Linea Aqua-Kapugoda පරදා වට 2 - 0 ක ජයක් ලැබූ අතර Intimate Apparel Ltd-Redigama,වට 2 - 0 කින් Intimate Apparel Ltd-Welisara පරදා අවසාන තරගයට සුදුසුකම් ලැබීය.


කණ්ඩායම් 50 ක ඉලක්කයක් සමග තරගාවලියට පිවිසි වෙළද සේවා වොලිබෝල් සංගමය මේ වන විටත් විශාල ජයග්‍රහණයක් ලබා ඇති අතර තරගාවලිය නියෝජනය පිණිස එක් වූ කණ්ඩායම් ප්‍රමාණය 65 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.පරිපාලනය පිළිබදව ඇති විශ්වසනීයත්වය ද වැඩි කණ්ඩායම් ප්‍රමාණයක් තරගාවලිය කරා යොමු වීමට ප්‍රධාන වශයෙන්ම බල පෑ බව සත්‍යය වන අතර මේ තත්ත්වය මත ඇති වූ තරගකාරීත්වය ජය ගැනීමට විවිධ උපක්‍රම භාවිතයේදි ඇතැම් කණ්ඩායම් වලට තරග නීති - රීති උල්ලංඝණය පිළිබදව චෝදනි බවා එල්ල වෙමින් පවතින අතර ඒ නිසා ඇතැම් විට අවසන් තරග නියෝජනය කරන කණ්ඩායම් වල වෙනසක් විය හැකි බව ද වෙළද සේවා වොලිබෝල් ආරංචි මාර්ග සදහන් කරයි.
www.supirikrida.com

No comments: