Dec 5, 2012

බස්නාහිර බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුනරුදයට දෙස් - විදෙස් ‍ඖෂධ සමාගම්

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය 39 වන වරටත් මෙහෙයවන බස්නාහිර පළාත් අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් තරග ඔක්තෝම්බර් 07 සහ 8 යන දිනයන්හී දී පැවත්වීමට කටයුතු යොදා ඇත.ගලකිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩා භූමියේ පැවත්වෙන මෙම තරගාවලියට පෙර - අපර වෛද්‍ය ඖෂධ සමාගම් දෙකකින් එකක් ගෝල්ඩ් අනුග්‍රාහකයා ලෙසත් අනෙක් සමාගම සම අනුග්‍රාහකයෙකු ලෙසත් එක් වී තිබීම කැපී පෙනෙයි.පෙරදිග චීන වෛද්‍ය ක්‍රමයට අනුව ශාඛසාර ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන FCK I ASIA (PVT) LTD ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මෙම තරගාවලිය සමග එක්වන අතර ASTRON LTD නම් බටහිර ‍ඖෂධ සමාගම සම අනුග්‍රාහකත්වයෙන් දායක වෙයි.
කණ්ඩායම් 60 ක් තරගාවලිය නියෝජනය කරන අතර පිරිමි කණ්ඩායම් 47 ක් ඒ,බී,සී සහ ඩී කාණ්ඩ යටතේත් කාන්තා කණ්ඩායම් 23 ක් ඒ,බී සහ සී කාණ්ඩ යටතේත් තරග බිමට පිවිසීමට නියමිතය.අති දක්ෂ ජාතික තලයේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මේ තරගාවලිය සමග එක් වීමට නියමිතය.දිනුක කරුනාරත්න,ලේඛා ෂෙහානි,අචිනි රත්නසිරි,උපුලි සමන්තිකා මෙන්ම කණිෂ්ඨ අංශයෙන් දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක්ද මේ සමග එක් වීමට නියමිතය.
බස්නාහිර පළාතේ ඇති බස්නාහිර පළාත් සංගමය තුළ ලියාපදිංචි නොවන කණ්ඩායම් වලටත් මෙම තරගාවලිය විවෘත කිරීමට බස්නාහිර පළාත් සංගමය ගෙන තිබෙන තීරණයෙන් පළාත තුළ සිටින සියළු දක්ෂයන්ට විශාල ඉඩ - කඩක් නිර්මාණය වී තිබෙන අතර ජාතික මට්ටමෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශාල ආලෝකයක් එක් කරන්නට එය සමත් වී තිබීම අගය කළ යුතුය.
තරගාවලියේ මාධ්‍ය සත්කාරකත්වය සදහා සීමාසහිත එක්සත් ප්‍රවාත්ති පත්‍ර සමාගම එක් වී සිටින අතර www.supirikrida.com  මාධ්‍ය සම්බන්ධිකරණයෙන් දායකත්වය දක්වයි.
www.supirikrida.com  

No comments: