මේ යුක්රේනයේ යුරී බිලොනෝහ් ය.ඔහු 2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලෙ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ ජයග්‍රාහකයා විය.ඒ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන්නට එදා ඔහුට දිගු වූ මේ දෑත් වල ඇගිලි පහෙන් අද ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ එක ඇගිල්ලක් පමණි.ඒ දබැරගිල්ල ය.තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වීමෙන්,මේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතූ අයගේ අවංකභාවය තලා පෙලා දැමීම ඊට හේතුවය.
යුරී වරදකරුවෙකු වන්නේ අට වසරකට පසු ඔහුගේ මුත්‍රා සාම්පලය පරික්ෂා කිරීමෙන්ය.එදා තහනම් උත්තේජන පරීක්ෂණයට හදුනා ගන්නට නොහැකි වූ උත්තේජනයක් යුරී භාවිතයට ගන්නට ඇත.සාමාන්‍ය තත්ත්වය ගත් විට උත්තේජන නිර්මාණය කිරීම පරීක්ෂණ අලුත් වීමට වඩා වේගවත්ය.ඒ නිසා පරීක්ෂණ දැල එලන විට එහි සිදුරු ඇති බව අන්තර් ජාතික තහනම් උත්තේජන පරික්ෂා කිරීමේ අංශ හොදින් දැනුවත්ය.ඒ නිසාම ඔවුන් ජාත්‍යන්තර මට්ටටේ ක්‍රීඩකයෙකුගේ මුත්‍රා සාම්පලයක් පරික්ෂාකාරීව අට වසරක් තබා ගන්නේය.මේරියන්ස් ජෝන්ස් වරදට හසු වන්නේද මේඑම හේතුවෙන්ය.ඒ නිසා තහනම් උත්තේජන හරහා වැරදි පෙළඹවීම් ලැබීමට පෙළඹෙන ඕනෑම අයෙකු අවසානයේ බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර මට්ටමට පැමිණිම නම් වරදට ආයුෂ අඩු බව දැන ගත යුතුය.
No comments:
Post a Comment