Dec 6, 2012

එරන්ද ගේ ගෝලයෙන් ලංකාව යළි කුසලාන සටනට

හින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය සහ සහයෝගය ඇතිව සංවිධානය කරන්නට යෙදුන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ජය ඊයේ (05) බංගලාදේශයට එරෙහිව වාර්තා විය.නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක තරගාවලියේ මාල දිවයින අතර පැවති තරගයේදී දැක් වූ දුර්වලතා අවම කර ගැනීමට සමත් වී සිටි ශ්‍රී ලංකාව බංගලාදේශය සමග තියුණු තරගයක නියැලි අතර බංගලාදේශයද පකිස්තානය සමග පැවති තරගයෙන් පරාජය වී සිටි නිසා ‍මෙම තරගය ජය ගන්නට හැකි සෑම ශක්තියක්ම යොදා ක්‍රීඩා කරනු පෙණින.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එරන්ද ප්‍රසාද් රැස් කරන්නට යෙදුණ ගෝලය බංගලාදේශය අභිබවා ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගෙනෙන්නට ප්‍රමාණවත් විය.පළමු තරග වලින් ජය ගෙන සිටි මාල දිවයින සහ පකිස්තානයද ඊයේ එකිනෙකාට එරෙහිව තරග වැදි අතර මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ පෙරමුණේ රැදීමේ අවකාශය හිමිවන බැවින් එම තරගය ද තියුණු මුහුණු වරක් ගත්තේය.අවසානයේදී මාල දිවයින 1 - 0 ක් ලෙස එම තරගය ජය ගනිමින් තරගාවලියේ පළමු තැන රැදෙන්නට සමත් විය.හෙට ශ්‍රී ලංකාවට අවසාන තරගය පිළිබද බලාපොරොත්තුවක් තබා ගන්නට නම් පකිස්තානය පරාජය කළ යුතු අතර එම තරගයට අමතරව හෙට දැනට මෙම තරගාවලියේ දත්ත වලට අනුව පළමු ස්ථානයේ සිටින මාල දිවයින සහ අවසාන ස්ථානයේ සිටින බංගලාදේශය අතර තරගය ද පැවත්වීමට නියමිතය.
පවතින තත්ත්වය අනුව මාල දිවයින බංගලාදේශයට පරාජය වුව ද අවසාන තරගයට පිවිසීමට බාධාවක් නැති අතර නමුත් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය වඩාත් තියුණු තරගය වන අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසාන තරගය සදහා මාල දිවයින සමග තරග වැදීමට අවස්ථාව හිමි වනු ඇත.


No comments: