ලාංකේය බොක්සිං ඉතිහාසයේ බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩිකාවක වන අනූෂා කොඩිතුවක්කු තමා ලංකාවේදී සහභාගි වන අවසන් ජාත්‍යන්තර තරගයට මුහුණ දුන්නාය.ඒ ඉන්දියාව සමග පැවති ද්වන්ධ බොක්සිං සටනේදී ය.එහිදී ඇය සිය සමුගැනීම ගෞරවනීය සහ ජයග්‍රාහී මතකයන් තුරුළු කරගත් ගෞරවණිය සමුගැනීමක් බවට පෙරළා ගත්තේ ඉන්දීය ක්‍රීඩිකා පූජා ටෝකස් ට එරෙහිව ලකුණු 27 - 11 ක් ලෙස අනගි ජයක් වාර්තා කරමින්ය.එසේම සිය මුෂ්ටි ප්‍රහාරය ඉදිරියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පළදින්නට ද අනූෂාට හැකි විය.
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13b57b5a84732f1c&attid=0.1&disp=inline&realattid=f_ha72glz90&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1354494290985&sads=XOxbrt3VwgeB5LH99zCWWT480aQ)
ජාතික ධජය රැගෙන මේ ගමන පැමිණිමට සිය දහදියෙන්,වෙහෙසෙන් දායකත්වය දුන් ලක්ෂ සංඛ්‍යාත මාස් සේවක සමූහය නියෝජනය කරමින් එහි පැමිණ සිටි දහස් ගණකටත් සියළුම බොක්සිං ලෝලීන් සහ කේෂ්ත්‍රයට සම්බන්ධ සියල්ලන්ටමත් ප්‍රනාමය පිණිස ඇය සුගතදාස ගෘහස්ත පිටිය වටා දිව ගියේ දෑසේ පිරුණු කදුළු සමගින්ය.සිය මුෂ්ටි ප්රහාරයන් දැඩිව ප්‍රතිවාදියා මත පතිත කරන්නාක් මෙන් සාමාන්‍ය ගැහැණියකට කිසිසේත් දරා ගැනීමට නොහැකි තරම් කුළු ගෙඩි පහර වැනි වූ ප්රහාරයන් ඉවසන්නට හුරු පුරුදු වූ අනූෂා ගේ මනස තුළ ජීවත් වූ නොදුටු ගැහැණියගේ හැගුම්බර වූ බව දෑස් වලින් කඩා හැලෙද්දී සිය වෙහෙස අභිමානවත් ලෙස රටේ කීර්තිය බවට පෙරළු අභිතවත් මිතුරියගේ සමුගැනීම පිළිබදව හැගුම්බර වූ මාස් සහෝදර කැළගේ නෙත් ද කදුළෙන් තෙත් වෙනු අපි දුටුවෙමු.
දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ලාංකේය බොක්සිං දේහයේ ලේ නහර බවට පත් වූ එහි ජීවමාන සාක්ෂිය වන ඩයන් ගෝමස් ගේ බොක්සිං පීතෘත්වය බොක්සිං ක්‍රීඩකයන්ගේ සැබෑ පීතෘත්වය හා වෙනස් වන්නේනම් ඒ ලේ සබදතාවයක් නැති කමෙන් පමණි.අනූෂාට ද එවැනි පිය රැකවරණයක් තැණු ඩයන් ද දෑසේ දිළිසෙන කදුළු අපහසුවෙන් සිර කර ගනිමින් තම බොක්සිං පවුලේ ජ්‍යෙෂ්ඨ දියණියගේ හැගුම්බර සමුගැනිම ආඩම්බරයෙන් මෙන්ම සියුම් වූ වේදනාවකින් ද විදිනු අපි දුටුවෙමු.
අනූෂා සමුගෙන ගිය ද ඉතිරි කළ දෑ බොහෝය.ඒ මතක පොත යළි යළිත් පෙරළා බලා බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් උගත යුතු පාඩම් බොහොමයක් අනාගත පරපුරට අනූෂා ඉතිරි කර ගොස් ඇත.ඒ පොත්වල පාඩම් නිවැරදිව කියවන්නේ නම් එහි ජයගත හැකි සාර්ථකත්වයේ කරුණු කාරණා රැසක් සුපැහැදිළිව දැක ගන්නට ලැබෙනු නිසැකය.ඇය බොක්සිං ක්‍රීඩාවට දිනා දුන් ජාත්‍යන්තර ජයග්‍රහණ තරමටම ඇය ඉතිරිකර ගිය දෑ ජයග්‍රහණ බවට පෙරළිමට තරම් සවිමත්ය.ඒ වටිනාකමට ගෞරවනීය ආචාරය පුද කරන අතරේම වෘත්තීය බොක්සිං කවයට පා තබන්නට අනූෂා දකින සිහිනයත්-ඇයගේ අනාගත බොක්සිං බලාපොරොත්තු සහ ජීවිතයේ සියළු ප්‍රාර්ථනාවන් ද සපල වේවායැයි සුපිරික්‍රීඩා සුබ පතන්නෙමු!
ඡායා - කමල් වන්නිආරච්චි
www.supirikrida.com
No comments:
Post a Comment