මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ජයග්‍රහණ වැළකී යාමට ශ්‍රී ලංකාවේ පරිපාලනයට නිවැරදි දැක්මක් නොතිබීම හේතුව බව පැහැදිළි වූ අතර මුදල් ඇති 16 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි කරවීම,ජාතික මට්ටමේ ඉදිරියෙන් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොකිරීම,ඒ සදහා නිවැරදි සැළසුමක් නොතිබීම සහ අපිළිවෙල යන කාරණා ද හේතු ව තිබෙන බව පැහැදිළිය.ක්‍රීඩා අමාත්‍යවරයා ද පවතින පරිපාලනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල චෝදනා මුඛයෙන් කතා කළ ද,පසුගිය කාලයේ සිදු වූ කිසිදු වරදක් සම්බන්ධයෙන් නමට හෝ පරීක්ෂනයක් නොකිරීමට වග බලා ගනිමින් වත්මන් පරිපාලනය රැකීම අමාත්‍යවරයාගේ වචන හා ක්‍රියාව සම්බන්ධයෙන් සැක උපදවන තත්ත්වයක් ඇති කර ඇත.
ඒ නිසාම දිගින් දිගටම බැඩ්මින්ටන් පරිපාලනය කිසිදු සැකයකින් හෝ බියකින් තොරව සිය ක්‍රියාවලිය වගකීමකින් තොරව කර ගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් විවේචන ඇති සහ ක්‍රීඩාවට ආදරය කරන මාධ්‍යය සහ පුද්ගල පිරිස් හාස්‍යයට සහ උපහාසයට ලක් කරමින්ය.
www.supirikrida.com
No comments:
Post a Comment