20 / 20 තරගවලදී මැතිව්ස් ගේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ ලසිත් මාලිංග ය.ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ පරාජය සදහා මග පෑදුණු පන්දු යැවීම සිදු කළ මාලිංග මෙලෙස උප නායකයා ලෙස පත් කිරීම ගැටළුකාරී වන්නේ,ඔහු මෑත කාලීනව රට නියෝජනය කරමින් තරග වැදීමේදී අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා පරාජයට මුල් වූ පන්දු යවන්නා වීමට වඩා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් නියෝජනය නොකරන ක්‍රීඩකයෙකු විම නිසාය.ඒ නිසා මැතිව්ස් යටතේ ඔහු උප නායකයා කිරීමේදී ඊ ළග පෙළ ශක්තිමත් කිරිමට අවශ්‍යය නායකත්ව පෞරශ්‍යයක් ගොඩ නොනැගෙන බැවින් මැතිව්ස් හා සමකාලීන දීර්ඝ කාලයක් මෙරට නියෝජනය කිරීමේ අවස්ථාව හිමි ක්‍රීඩකයෙකුට උප නායකත්වය පිරි නැමීමට තිබිණ.
ලොව හොදම නායකයෙකු ලෙස පිළිගැනෙන මහේල ජයවර්ධන යටතේ උප නායකයා ලෙස ක්‍රියා කරන්නට භාග්‍යය හිමි වූ මැතිව්ස් මේ වන විට ඒ සදහා සුදුසු අත්දැකීම් රැස් කර ගත හැකි ක්‍රීඩකයෙකු ලෙස පෙරට පැමිණ තිබෙන අතර ඔහු ඉවත් වන දා ක ඒ තත්ත්වයට සුදුස්සෙකු පත කිරිමට පියවර ගත්තේ නම් එය වඩාත් පලදායක වනු ඇත.නමුත් මාලිංග ගේ සහ මැතිව්ස් ගේ වයස පරතරය ගත් විට බොහෝ විට මාලිංග යනු මැතිව්ස්ට පෙර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමට ඉඩ ඇති ක්‍රීඩකයෙකි.
www.supirikrida.com
No comments:
Post a Comment