එල්ටීටීඊ සන්නද්ධ අංශයට සම්බන්ධව සිටි කණකසුන්දරම් රජීවන්,තයාබරන් තවෙන්තිරම් සහ සෙල්ලමුත්තු සුරේෂ්කුමාර ජාතික වෙඩි තැබීමේ සංචිතයට ඇතුළත් කර ගැනිමට සහ ඉදිරි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට තීරණය කර ඇති අතර එම ක්‍රීඩකයන් තිදෙනාට පුහුණුවට අවශ්‍යය වායු රයිෆල් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතින් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.රජයේ හමුදා භාරයට පත් වූ එල්ටීටීඊ සාමාජිකයන් අතරින් 135 දෙනෙකු ජාතික සංචිත වලට තෝරා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ මෙම ක්‍රීඩකයන් තිදෙනා ද ආදාළ ක්‍රීඩාව යටතේ මෙම සංචිතයට තෝරා ගෙන ඇත.
ජාතික වෙඩි තැබීමේ සංගමය යටතේ දැනට මෙම ක්‍රීඩකයන් තිදෙනා වැලිසර නාවික හමුදා කදවුරට අයත් වෙඩි පිටියේ පුහුණුවීම් කර ගෙන යන අතර දැනට මෙම තිදෙනාගේ දක්ෂතා ඉහළ මට්ටමක පවතින බව ද ජාතික වෙඩි තැබීමේ සංගම් ආරංචි මාර්ග පවසයි.ඡායාරුපයේ දැක්වෙන්නේ ක්‍රීඩකයන් තිදෙනා ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පුහුණුවට අවශ්‍යය වායු රයිෆල් ලබා ගත් ආකාරයයි.
www.supirikrida.com
No comments:
Post a Comment