ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩා බව ඔප්පු කර තිබෙන බව පැහැදිළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා සිව්වරක් දිනා ගත් ආසියානු නෙට්බෝල් සූරතාවය මෙවර එය දිනා ගැනීමට සියළු ශක්තින් තිබියදී අහිමි වූ බව පෙන්වා දෙමින් ඒ සදහා ක්‍රීඩාවේ පාර්ශවකරුවන් වගකිව යුතු බව පෙන්වා දෙනවා.බලය ලබා ගැනිමට පාර්ශව නිර්මාණය කර ගැනීම හැරෙන්නට ජාතික වශයෙන් ක්‍රීඩාව නගා සිටුවීමට සියල්ල එක්සත්ව වැඩ නොකිරිම පිළිබදව උදාහරන සහිතව පෙන්වා දුන් අමාත්‍යවරයා දැල් පන්දු ආසියානු සූරතාවය අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මව් සංගමය අමාත්‍යංශය පවා නොමග හැර තිබෙන බවත්,දැනට පරාජය සම්බන්ධයෙන් විමසා බලන කමිටුව එවැනි කරුණු ගණනාවක් සොයා ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
එසේම ඉදිරියේදි ජාතික සංගම්වල දේශපාලනඥයන් පත් කිරීම පිලිබදව ද දැඩි නීති රීති ගෙන ඒමට නව සංශෝධන වලදී කටයුතු කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment