ඉරානයේ ටෙහෙරාන් නුවර අෂාඩි ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන නව වන ආසියානු යොවුන් බාලක තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.ඔක්තෝමබර් 24 දා සිට නොවැම්බර් 01 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි මොංගෝලියාව සහ කුවේට් රාජ්‍යය ඉන් ඉවත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවට තරග වැදිමට සිදු වී තිබෙන්නේ වත්මන් සූරතාවය දිනා සිටින ඉරානය සමගයි.
![2012 Asian Youth Boys Volleyball Championship logo.png](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vUleQeHcAKh9cbf1Ir-ZKCpRB3RHVjc4GaQBEE2IQ5oQJpRrPHCBpobMl2APMUQW2Ew72qMHUgwdZ5Md8-hckY4kk6_s8cZy8MNlLTxEmp0V7dFlG_SHXq9XZaTFL81PN5wdCEUbe1yzBBFOdDyqW5NS2oSUWGP5PPlppIIbnAHdb-5bKWD0uHecoOBu6NiYTcpqXbCF-PooOP4IhILCkHhXE83j_LTV3_mtvW26wa6CTmOjBl8yLIJPRsnsQ83_wpCpcBBu_YAOxF=s0-d)
බී කාණ්ඩයෙන් චීනය,තායිලන්තය කසකස්තානය තරග බිමට පිවිසෙන අතර සී කාණ්ඩයෙන් චකුණු කොරියාව,චීන තායිපේ සහ ඕස්ට්‍රේලියාව තරග වදීමට නියමිතයි.මූලික තරග වටයේ දී ඩී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දියාව,ජපානය සහ ටර්කිමනිස්තානය යි.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 11 ක අතරේ ශ්‍රී ලංකාව 8 වනස්ථානයට ශ්‍රේණිගතව සිටින අතර ශ්‍රී ලංකාවට මූලික වටයේදී මුහුණ දිමට නියමිත එකම තරගය වන ඉරානය සමග පැවත්වෙන තරගය ඔක්තෝම්බර් 25 වන දා එරට වේලාවෙන් පැය 18.00 ට පැවත්වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment