මෙවර ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 11 න් පහළ බාලිකා අංශයේ සූරතාවය සහ අනු සූරතාවය දිනා ගැනීමට පිලිවෙළින් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ජනනුවනි අමන්දා සහ චතුලි ඉෂාරා සමත් වූහ.ජාත්‍යන්තර විනිසුරුවරයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන චන්දන නිලන්ත ගේ පුහුණු මග පෙන්විම යටතේ අමන්දා සහ චතුලි මෙම දස්කම දැක්වීමට සමත් විය.
ජයග්‍රහණයෙන් අනතුරුව අමන්දා (දකුණේ) සහ චතුලි (වමේ ) සිය පුහුණුකරු චන්දන නිලන්ත සමග ගල්කිස්ස උසස් බාලිකා විදුහල්පති (වමේ සිට තෙවැන්නා) ගයානි ප්‍රින්ස්ලි කුක් සහ කණ්ඩායම් භාර අචාරිණී චාන්දනී ජයවර්ධන සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඉහත දැක්වේ.
www.supirikrida.com
No comments:
Post a Comment