මෑත කාලයේ ලාංකේය කෙළිබිම තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සහ ප්‍රගතියක් පෙන්වමින් තිබෙන ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැකි අත්පන්දු (handball) ක්‍රීඩාවේ 23 වන පිරිමි ලෝක සූරතාවය ජනවාරි 11 සිට 27 වන දා දක්වා ස්පාඤ්ඤයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි තරග කාල සටහන මේ වන විට එළි දක්වා තිබෙනවා.
UFA Sports විසින් නිල විද්‍යුත් මාධ්‍ය ලෙස ලොව පුරා මෙම තරගාවලිය විකාශය කිරීමට සූදානමින් සිටින අතර තරගාවලියේ මූලික තරග ජනවාරි 11 සිට 19 දක්වා
Barcelona (ඒ කාණ්ඩය),
Sevilla (බී කාණ්ඩය),
Zaragoza (සී කාණ්ඩය) සහ
Madrid (ඩී කාණ්ඩය) නගර ඉලක්ක කර ගනිමින් පැවත්වීමට නියමිතයි.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග බාර්සිලෝනා හී දී පැවත්විමට නියමිත අතර එම තරග ජනවාරි 23 දා පැවත්වෙනවා.අවසන් පූර්ව තරග ජනවාරි 25 දා පැවත්වෙන අතර තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කරන තරගය පැවත්වෙන්නේ ජනවාරි 26 දා යි.ජනවාරි 27 දා අවසන් තරගය 1992 බාරිසිලෝනා ඔලිම්පික් තරග පැවත්වීම සදහා සකස් කළ අසුන් 16,500 ක් ඇති
Palau Sant Jordi පිටියේදී පැවත්වීමට නියමිතයි.
තරගවලියට අදාළ තරග වැඩ සටහන පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
Match%20Schedule%20Men’s%20WCh%20in%20ESP.pdf
www.supirikrida.com
No comments:
Post a Comment