මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග වල දී වැඩිම කඩුළු ලබා ගැනීමේ ලේඛණයේ ඉදිරියෙන්ම සිටින වාස් සිය ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීම සදහා ගෞරවණීය අවස්ථාවක් පවා නොලද ක්‍රීඩකයෙකි.සිය රට වෙනුවෙන් විශාල කැපවීමකින් ක්‍රීඩා කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙණුන වාස්, අදටත් ක්‍රිකට් ලෝකය හදුන්වන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා සහ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස ය.
එවැනි ක්‍රීඩකයෙකුට නිවැරදි ගෞරවනීය සමුගැනීමක් හෝ ලබා දීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව හෝ ඔහු ගේ සේවය ලබා ගැනීම කොරෙහි කල්පනා නොකරන තත්ත්වයක් තුළ නවසීලන්තය ලොව බිහිකළ සුපිරිතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් ජයග්‍රහණය පිණිස සැකසි තණතිලි තුළ සිය වේග පන්දුවෙන් අවස්ථා කිහිපයකදිම මුරලිට වඩා සාර්ථක වන්නට සමත් වෙමින් කැපී පෙණින.අවස්ථානෝචිතව පන්දු යැවීමේ උපක්‍රමශීලී ගුණයෙන් වඩාත් ඉදිරියෙන් සිටි වාස් ක්‍රීඩාව ජාත්‍යන්තර වූ පසුබිමක කොදෙව් මානසික මට්ටමෙන් සිතන්නන්ට ඇණ ගසා සිර කර තැබිය නොහැකි බවට හොද සාක්ෂියක් සැපයීමක් ලෙස නවසීලන්තය සිය සහය වේග පන්දු යවන පුහුණුකරු ලෙස වාස් ව තෝරා ගැනීම හැදින්විය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment