චමරි අතපත්තු |
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණියන් පන්දු ඕවර් 5.3 දී තරගය ජය ගත්තේ පන්දු 20 කින් හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 35 ක් ලබමින්චමරි අතපත්තු දියත් කළ ඉණිම පෙරමුණේ තබා ගෙනය.ඇයට ඒ නිසාම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වීමේ භාග්‍යයද උදා වූවාය.
මේ වන විටත් බී කාණ්ඩයෙන් අවසාන පූර්ව තරග සදහා පිවිස සිටින ශ්‍රී ලංකාව, සිය පළමු වටයේ සිය කාණ්ඩයේ ප්‍රථම සහ දෙවන ස්ථාන තේරීම සදහා වන බංගලාදේශයට එරෙහි තරගයට මුහුණ දෙයි.එසේම ඒ කාණ්ඩයෙන් අවසාන පූර්ව වටයට පිවිසෙන ඉන්දියාව සහ පකිස්තානය එම කාණ්ඩයේ ප්‍රථමයා සහ දෙවැනියා තීරණය කරන තරගයට මුහුණ දෙන අතර මෙම තරග දෙකේ ජය ගන්නා සහ පරාජය වන කණ්ඩායම් අනුව අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා කවුරුන් ද යන්න තීරණය විමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment