![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0gdw7onOg_X2NImLuG-Vg-4S-ehO8pc4sPCwbGGHYJz-mf8SbN0ASBKy0T6aexfSdF0hgRphxCQN5D3k0Y3YYRIrzcKk3ntu3nkQo8w0aTX2bd-NN8b2tbAXZRWa5njttlztr4aBTteg/s640/shashi.jpg)
රුබීනා චෙට්රි ඉදිරියේ දැඩි අසරණභාවයට පත් ශ්‍රී ලංකා පිතිකාරිණයේ ඇයගේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 7 ට කඩුලු 4 ක් ම පූජා කළහ.නායිකා ශෂිකලා සිරිවර්ධන (23),ඩිලානි මනෝදරා (15) සහ සදමාලි දොලවත්ත (11) පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසි අතර පන්දු ඕවර් 20 තුළ ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 78 ක් රැස් කිරිමට සමත් විය.
පිලිතුරු ඉණිමට පිවිසි නේපාල ක්‍රීඩිකාවෝ සිය අත්දැකීම් මදකම හේතුවෙන් අනවශ්‍යය කළබලයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිපලය වූයේ කඩුලු හතරක්ම දුවද්දි දැවී යාම් නිසා නේපාලයට අහිමිවීමය.පන්දු යවන්නියන්ට පන්දු රකින්නියන්ගෙන් ලද සහයෝගය නිසා එකදු නේපාල ක්‍රීඩිකාවකට හෝ ඉලක්කමි දෙකේ සීමාවට පිවිසීමට නොහැකි වූ අතර පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු නවයක් ලැබී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 58 ක් පමණි.පිත්තෙන් ලකුණු 23 ක් ද පන්දුවෙන් ලකුණු 8 ට කඩුලු 2 ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා පෙන් වූ ශෂිකලා සිරිවර්ධන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/ci/engine/match/584918.html
ශ්‍රී ලංකාව හෙට චීනය සමග තරග වැදීමට නියමිතය.මෙම තරගාවලියට ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍යය දරා සිටින දකුණු ආසියාතික රටවල් වලට අමතරව චීනය සමග තායිලන්තය ද ඉදිරිපත් ව සිටියි.
www.supirikrida.com
No comments:
Post a Comment