තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ විශාල සිදුවීමක් හට නොගත් බවයි.තමන් තේරීම් කර ඇත්තේ අමාත්‍යංශයෙන් මුදල් ගෙවන ප්‍රමාණයට බවත් අනෙක් පිරිසට මුදල් ගෙවා යාම පිණිස අවස්ථාව සළසා ඇත්තේ බැඩ්මින්ටන් සම්මේලනය බවත් පෙන්වා දෙන තේරීම් කමිටු සභාපතිවරයා අදාළ හිටපු නිලධාරියා ප්‍රශ්න කළ දරුවාව අයත් වන්නේ බැඩ්මින්ටන් සම්මේලනයෙන් අනුමැතිය ලබා ගත් කොටසට බව ද පෙන්වා දෙනවා.
කෙසේ හෝ පසුගිය කාලයේ බැඩ්මින්ටන් මූලස්ථානයේ ඉදිකිරීම් සදහා ද මැදිහත් වූ හිටපු නිලධාරියා නිරන්තරයෙන් ඔහු නිලතල දරන කාලයේ සභාපතිවරයාගේ සමිපතමයෙකු ලෙස සිටි බව කේෂ්ත්‍රය තුළ ප්‍රකට කරුණක් වෙනවා.නමුත් ක්‍රීඩා කරන දරුවන් සිටින මව් - පියන් නිල තල දැරීම නොකළ යුතු බවට පසුගිය කාලයන් හී ඇති වූ ප්‍රශ්න සම්බන්ධයෙන් සළකා අමාත්‍යවරයා ගත තීරණ අනුව ඔහුට පදවිය අතහැර යන්න වූවා.ඉන් මතුවත් හිතවත් කම් පවත්වා ගෙන ගිය අදාළ හිටපු නිලධාරියා මෙම තරගාවලියටද අනුග්‍රාහකත්වයක් සොයා දීමට පවා පොරොන්දු වුව ද,සිය පුතාව නොතේරීම පිලිබදව කණස්සල්ලට පත් වූ ඔහු එම අනුග්‍රහය අතහැර දමා තිබෙනවා.
කෙසේ හෝ සභාපතිවරයා සහ බැඩ්මින්ටන් සංගමය රැක ගැනීම සද
හා කොන්දේසි විරහිතව පෙනී සිටිමින් සිය ව්‍යපාරික දියුණුවටත් වැඩ කටයුතු කළ මෙවැනි පුද්ගලයන් පසුගිය කාලයේ නුසුදුසු බොහෝ දේ වෙනුවෙන් සංගමය රැක ගැනීම සදහා විවිධ භූමිකා රග පෑවා.නමුත් අද වනවිට ඒ තත්ත්වය වෙනස් වී සංගමයේ තීරණ වලට හරස් වෙමින් හැසිරෙද්දී මේ දක්වා පනික්කියා විසින් නැටවූ නයා දැන් පනික්කියාව නටවන්න සූදානම් වන බවක් පෙනෙන්නට ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment