කමිටුවේ භාණ්ඩාගාරික ධුරයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හේමන්ත බොතේජු තේරී පත් වූ අතර උප සභාපති ධූරයකට ප්‍රවීන පුහුණුකරුවෙක් වූ ජයලත් අපොන්සු ද තේරීපත් විය.එසේම උප සභාපතිවරයෙකු ලෙස ආධාර එක් කිරීමේ කාර්යය පැවරුණේ ශ්‍රී ලංකා -කැනඩා වෙළද කවුන්සිලයේ සභාපති සම්පත් ලියනගේ තේරී පත් විය.
මෙහි විධායක කමිටුවට පත් වූ සෙසු සාමාජිකයන් අතරට උප ලේකම් ලෙස රොෂාන් බුරාන් ද,උප භාණ්ඩාගාරික අමිල මායාදුන්නද එක් වූ අතර ඒ අතරට එක් වූ සෙසු පිරිස වූයේ අෂෝක වෙදගේ,රෝහිත ප්‍රියන්ත,එම්එස්අයි පීරිස්,රෝහිත ජයසිංහ,රෝයි ප්‍රනාන්දු,ධම්මික විජේසේකර,ලක්මාල් අලුත්ගමගේ,ලලිත් නානායක්කාර,නදීෂ් ප්‍රනාන්දු,නිශාන්ත පෙරේරා,නාලක ද සිල්වා,තිස්ස සල්ගාදු,චන්න සිල්වා,ශානක සිරිපාල,චමින්ද ජයසිංහ,අතුල අකරවිට,ලිෂාන් අමරසේකර සහ අසංක පීරිස් එක් වෙති.
www.supirikrida.com
No comments:
Post a Comment