ආරම්භක පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් සහ මහේල මේ තරගයේදී ද සිය වගකීම ඉටු කළ අතර 11 වන පන්දු ඕවරයේ ලකුණු 63 ක් ව තිබිය දී පළමු කඩුල්ල ලෙස මහේල දැවී ගියේය.ඩිල්ෂාන් පන්දුවට පහර දීමේ අසීරුතා සහිත එම තණතිල්ලේ නැංගුරම් ලා ගනිමින් සෙසු පිතිකරුවන් ට ප්‍රහාරාත්මක වීමට අවශ්‍යය පසුබිම සකස් කරමින් කඩුල්ල රැක ගත් අතර ඔහු 18 වන ඕවරයේ දී ලකුණු 35 ට දැවී යාමෙන් ලකුණ 150 සීමාව පිළිබදව දුටු සිහිනය බොද වී යන්නට පටන් ගත්තේය.නමුත් ඩිල්ෂාන් ගේ කඩුල්ල රැක ගැනීම නිසා පන්දු ඕවර 20 තුළ කඩුලු 4 ක් පමණක් අහිමි කර ගැනීමෙන් සීමා වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 139 ක් ලබා ගත්තේය.
තණතීරුවේ හැසිරීම සමග එම ලකුණු 139 ආරක්ෂා කර ගැනීමට හැකි ශක්තියක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණ ද,කිසිවෙකුට පන්දු යැවීමෙන් හෝ රැකීමෙන් තර්ජනයක් එල්ල කිරීමට ඉඩක් නැති තරමට පකිස්තානු කණ්ඩායම ද ශක්තිමත් පිතිකරණ නාමාවලියකින් යුතු බැවින් තරගය විවාත ස්වභාවයක් ගෙන තිබිණ.නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් වගකීම ඉටු කිරීම තුළ ත් නිසි පරිදි ඔවුන් ව මෙහෙයවීමෙන් මහේල ජයවර්ධන දැක් වූ අති විශිෂ්ඨ නායකත්වයක් මත ශ්‍රී ලංකාවට ජය ගැනිම අපහසු නොවිණ.විශේෂයෙන් පන්අවසාන දු රැකීමේදී ලසිත් මාලිංග හැරෙන්නට අන් සියළු පන්දු රකින්නන් සිය වගකීම උපරිමයෙන් ඉටු කිරීම අවසාන තරගයට පා තබන ශ්‍රී ලංකාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසිල්ලක් ද වනු නිසැකය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533296.html යන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment