පිලිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි වොට්සන් මෙන්ම ඔහු සමග හොද ආරම්භක සබදතාවයක් පැවත් වූ ඩේවිඩ් වර්නර් ද ලකුණු 205 පීඩනයෙන් ඇති කර ගත් තැති ගැන්මෙන් අඩු ලකුණු ගණනකට දැවී ගියේය.නමුත් නායක ජෝජ් බේලි පන්දු 29 ක ට ලකුණු 63 ක් ලබා ගත්තේය.එහෙත් ඔහුට සහයට කිසිවෙකු නොවුණු බැවින් ඕස්ට්‍රේලියා ඉණිම ලකුනු 131 ට සීමා විය.
ඒ අනුව දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට විශාල ලකුණු ගණනකින් පරාජය අත් කළ කොදෙව් කණ්ඩායම ලකුණු 139 ක් වැනි ලකුණු ගණනකින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ලත් ශ්‍රී ලංකාව සමග අවසාන තරගයට මුහුණ දීමට නියමිතය.ඒ අනුව අවසාන තරගයේදී කොදෙව් පිතිකරණ ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමශීළී පන්දු යැවීමේ සටන ක්‍රියාත්මක වන්නේ කොස්දැයි යන්න නරඹන්නන්ගේ ආනන්දයට හේතු වනවා නිසැකය.
කොදෙව් , ඕස්ට්‍රේලියා තරගයේ ලකුණු විස්තරයා පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533297.html
www.supirikrida.com
No comments:
Post a Comment