මේ අතර තරගාවලියේ ඒ කාණ්ඩයේ ක්‍රියාත්මක වූ තරග වලින් නවසීලන්තය තරග වට 3 - 0 ක ජයක් කුවේටයට එරෙහිව වාර්තා කළ අතර ඉරානය තරග වට 3 - 0 ක් ලෙස පරාජය කරන්නට තායිලන්තය ට හැකිවිය.බී කොටසෙන් තරග වදින ප්‍රබල චීනය මොංගෝලියාවට එරෙහිව තරග වට 3 - 0 ක ජයක් වාර්තා කළ අතර එම කාණ්ඩයේ ඉන්දියාව සහ වියට්නාමය අතර තරගයේ ජය ඉන්දියාවට හිමි වූයේ ද වට 3 - 0 ක් ලෙස ය.
කාණ්ඩ හතරක් යටතේ මූලික තරග ක්‍රියාත්මක තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වදින ටර්කිමෙනිස්තානය චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ වට 3- 0 ලෙස පරාජය වූවාය. එම කාණ්ඩයේ ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ජපානය වට 3 - 0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ශ්‍රි ලංකාව සහ කොරියාව අතර තරගයේ වීඩියෝ දර්ශනයක් මෙම සටහන ඉහළ ඇතුළත් වේ.
www.supirikrida.com
No comments:
Post a Comment