සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක ස්ටබ්ස් කුසලාන ජාතික පාසල් බොක්සිං තරගාවලියේ මෙවර සූරතාවය හොරණ විද්‍යාරත්නයට හිමි විය.සැප්තැම්බර් 21,22 සහ 23 යන තෙදින තුළ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී සූරතාවය සදහා විදයාරතනය ලකුණු 28 ක් රැස් කරද්දී ,මහනුවර විද්‍යාර්ථය ලකුණු 18 ක් ලබමින් අනු සූරතාවය දිනා ගැනීමට සමත් විය.ලකුණු 12 ක් ලැබූ පානදුර සුමංගල විද්‍යාලය තෙවන ස්ථානයට පත් විය.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඒඑස් තුඩුවේවත්ත තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා ලෙස මහනුවර සිල්වෙස්තර් විද්‍යාලයේ කේබීඑන්ජේ පෙරේරා තේරී පත් විය.පාසල් කණ්ඩායම් 30 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 121 ක් මෙම තරගාවලිය නියෝජනය කළහ.
www.supirikrida.com
No comments:
Post a Comment