කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ බිහිසුණුම පිතිකරුවා ලෙස සැළකෙන ක්‍රිස් ගේල් නුවන් කුලසේකරගේ පන්දුවක් ඉදිරියේ ලකුණු දෙකකට දැවී යාම නිසා පීඩනයට හසු වූ කොදෙව්වන් පසුව අජන්ත මෙණ්ඩිස් ගේ පන්දු යැවීම ඉදිරියේ ලකුණු සොයා ගත නොහැකිව අසරණබාවයට පත් කළ ශ්‍රී ලංකාව 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරගයෙන් කඩුලු නවයක අති විශිෂ්ඨ ජයක් වාර්තා කළේය.
පල්ලෙකැලේ තණතිල්ලේ ස්වබාවය අනුව කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහරදීම වාසිදායක වනු ඇතැයි කල්පනා කළ ඩැරන් සාමි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද එම තීරණය අභියෝගයට ලක් වෙමින් ශ්‍රී ලංකා ආරම්භක පන්දු යැවීම බාර ගත් නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් ප්‍රහාරය වළක්වන පවුරු සේ ක්‍රියාත්මක වන්නට වූහ.එහි ප්‍රතිපලයක් ලෙස තරගයේ පස්වන පන්දු ඕවරයේදී ජොන්සන් චාල්ස් (12) සහ හයවන ඕවරයේදී ක්‍රිස් ගේල් (2) දෙදෙනාම ක්‍රීඩාගාරයට යැවීමට සමත් වූහ.ඒ දෙදෙනාම දැවී යන විට ලකුණු පූවරුව 16 තිබුණු අතර අනතුරුව කොදෙව් ඉණිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ සාර්ථකම සම්බන්ධතාවය වූ ඩියොන් බ්‍රාවෝ (40) සහ මාලන් සැමුවෙල් (50) අතර වූ ලකුණු 65 ක සබදතාවය ගලා ආවේ අජන්ත මෙණ්ඩිස් විසින් පන්දු ඕවර් 4 ක් තුළ ලකුණු 12 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඇති කළ පීඩනය ද සමගය.ඒ නිසා ඕවර් 20 අවසානයේ කොදෙව්වන්ට කඩුළු පහක් පමණක් දැවී කඩුළු 5 ක් ඉතිරි කර ගන්නට හැකි වුව ද,ලකුණු ප්‍රමාණය 129 න් නතර වන්නට සිදු විය.
පිළිතුරු ඊණිමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 22 ක් එක් වෙද්දී ඩිල්ෂාන් ට නැවත ක්‍රීඩාගාරයේ නවතින්නට සිදු විය.ඒ ලකුණු 13 ක් පමණක් ලබා ය.අනතුරුව මහේල සහ සංගක්කාර එක්ව සිය පළපුරුද්දේ අත් අඩංග්වට ගත් කොදෙව් පන්දු යවන්නන්ගේ පන්දු වලින් තමන්ට රිසි සේ වැඩ ගනිමින් නොදැවුණු ලකුණු 108 ක සබදතාවයක් පවත්වමින් තරගයේ ජය ශ්‍රී ලංකාව වෙත ජය ලබා දෙද්දී ගත වී තිබුණේ පන්දු ඕවර් 15.2 ක් පමණි.එයින් ලකුණු 65 ක් පන්දු 49 දී රැස් කර ගත් මහේල ජයවර්ධන තරගයේ වීරයා වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533289.html
www.supirikrida.com

No comments:
Post a Comment