ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ ක්‍රීඩා කරන හොංකොං කණ්ඩායම ප්‍රබල කොරියාවට තර්ජනයක් වෙමින් තරග වටයක් ජය ගැනීම හොංකොං සහ දකුණු කොරියාව අතර තරගයේදී දකින්නට ලැබුණු අතර එහිදී කොරියාව එම තරගය ජය ගත්තේ ලකුණු 25 -12, 25 -14, 23 -25 සහ 25 - 17 ක් ලෙසය.
ඒ කාණ්ඩයේ තරග වල දී ඉරානය,කුවේට් කණ්ඩායමට එරෙහිව තරග වට 3 - 0 ක පහසු ජයක් වාර්තා කළ අතර නවසීලන්තය,තායිලන්තය ඉදිරියේ පරාජය වූවේ ද තරග වට 3- 0 ක් ලෙස ය.බී කාණ්ඩයේ තරග වල දී ඉන්දියාව,මොංගෝලියාව පරදවා වට 3- 1 ක ජයක් අත් කර ගත් අතර,චීනය , වියට්නාමයට එරෙහිව වට 3- 0 ක ජයක් ලැබීය.ඩී කාණ්ඩයේ තරග වලදී ජපානය,ටර්කිමෙනිස්තානය පරාජයට පත් කළේ වට 3- 0 ක් ලෙස වන අතර ඕසට්‍රේලියාව සහ චීන තායිපේ අතර තරගයෙන් චීන තායිපේ කණ්ඩායම වට 3- 1 ක් ලෙස ජය ලබා ගත්තේය.
www.supirikrida.com
No comments:
Post a Comment