පිලිතුරු ඉණිමට පිවිසි එංගලන්තය සාර්ථක පිලිතුරක් සදහා සූදානම් වන බවක් පෙනෙන්නට තිබුණද සිය පළමු ඕවරයේදී ම කඩුලු තුනක් දවා ගත් ලසිත් මාලිංග තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට සමත් විය.ඔහුට අනගි සහයක් ලබා දුන් අකිල ධනංජය පෙරේරා සිය පන්දු වාර 4 ලකුණු 26 ට කඩුලු 2 ක් ලෙස නිම කිරීමට සමත් වූ අතර මෙම තරගාවලිය තුළ ශ්‍රීලංකාව වෙනුවෙන් ලෝක වාර්තාවක් ද සමග කැපී පෙනෙන දස්කම් දක්වන අජන්ත මෙණ්ඩිස් ඊයේ දිනය තුළ නිසි ඉලක්කයට පන්දුව යොමු කිරීමට අසමත් වීමෙන් සිය පන්දු ඕවර් 4 තුළ එංගලන්තයට ලකුණු 40 ක් ලබා දීම ගැටළුකාරී තත්ත්වයක් උදා කළේය.එංගලන්තය වෙනුවෙන් හුදෙකලා සටනක නියැලි සමිත් පටෙල් ලකුණු 67 ක් ලැබුව ද,ඔහු ද මාලිංග ගේ පන්දුවක ගොදුරක් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අපහසුවකින් තොරව ජයග්‍රහණයට පිවිසීමට අවශ්‍යය පසුබිම සැකසිණ.
පහත සබදතාවය තෙරපීමෙන් තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533293.html
දෙවන වරටද සුපිරි ඕවරය නවසීලන්තයේ පරාජයක් බවට පත් කළ ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් සුපිරි ඔවරයෙන් ලකුණු 18 ක් රැස් කිරිමේ අභියෝගය පන්දු පහක් තුළ සාර්ථක කර ගන්නට සමත් විය.තරගයේ නියමිත පන්දුවාර 20 තුළ දෙපිළම ලකුණු 139 බැගින් ලැබූ නිසා සුපිරි පන්දු ඕවරයට පිවිසෙන්නට සිදු වූ අතර එහිදී ගේල් ගේ සහ සැමුවෙල් ගේ සුපිරි පිතිකරණය මෙන්ම ටිම් සවුති ගේ ඉලක්කයකින් සහ නිසි අවධානයකින් තොරව පන්දු යැවීම නිසා වයිඩ් පන්දු සහ නිපන්දු යවමින් කොදෙව්වන්ට ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සදහා අතිරේක පන්දු ද ලබා දීමෙන් කොදෙව්වන්ට ඉලක්කය තවත් පහසු කර ගැනීමට හැකි විය.
ලකුණු 139 ඉලක්කය හඹා ගිය නවසීල්නතය අසරණ කළ සුනිල් නරයින් ගේ දග පන්දුව ලකුණු 20 ට කුඩුලු තුනක් දවා ගත් බැවින් නවසීලන්තය දැඩි අසරණ තත්ත්වයකට ඇද දැමීය.ඒ නිසාම තරගයේ වීරයා වීමට ද ඔහුට හැකියාව ලැබිණ.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533292.html
www.supirikrida.com
No comments:
Post a Comment