මේ දක්වා අපරාජිත එකම කන්ඩායම බවට පත්ව සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ජයග්‍රහණයේ පදනම බවට පත් වසිටින ෂේන් වොට්සන් ඊයේ මෙම තරගාවලිය තුළ සිව්වවන වරටත් තරගයේ වීරයා වෙමින් මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වීමට ආසන්නම ක්‍රීඩකයා බවට පත් විය.දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදි පළමුව පන්දු රැකි ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගත් වොට්සන් ලකුණු 147 ක් ව ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 147 න් ලකුණු 70 ක්ම ලබා ගත්තේ පන්දු 47 ක් පමණක් වැය කරමින්ය.
වොට්සන් විසින් ගොඩ නැගූ පීඩනය හේතුවෙන් සුපිරි පන්දු රැකීමක යෙදෙන දකුණු අප්‍රිකානු පන්දු රකින්නන් අතින් උඩ පන්දු රූටා යන තත්ත්වයක් උද්ගත විය.ඒ නිසා ජයග්‍රහණය හඹා යාමේ පීඩනය ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව වෙතින් දුරස් ව ඕවර් 17.4 ක් තුළ ඕස්ට්‍රේලියා ජය සම්පූර්ණ වෙද්දී දැවී ගොස් තිබුණේ කඩුලු 2 ක් පමණි.ලකුණු විස්තරය සදහා පහත සදහන් සබදතාවය තෙරපන්න.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533290.html
මේ අතර ඉතා තියුනු මුහුණුවරක් ගැනීම සාමාන්‍ය ස්වභාවය බවට පත් ව තිබුණද,පීඩනය ගොඩ නැගීමට අවශ්‍යය පන්දු රැකීමක් නොතීමෙන් ඉන්දියාව සිතූ තරම් අපහසුවකින් තොරව පකිස්තානයට එරෙහිව කඩුලු 8ක ජයක් වාර්තා කළේය.විනසුරු තීරනවල යම් දුර්ලතාද පකිස්තානු ඉණිමේ පීඩනයට හේතු වුව ද,ලක්ස්මන් බාලජී සහ රවිචන්ද්‍රන් අස්වින් ගේ කල්පනාකාරී පන්දු මිශ්‍රණය ඉදිරියේ ලකුණු ලැබීමේ කඩුලු රැක ගැනීමේ විහාල දුෂ්කරතාවයකට මුහුණ දුන් පකිස්තානය පන්දු ඕවර් 19.4 දී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 128 කි.
පිළිතුරු ඉණිමේදී ගෞතම් ගාම්බීර් (0) ලකුණු පූවරුව එකක් ව තිබියදී තරගයේ දෙවන පන්දුවෙන්ම සාර්ථක ප්‍රතිපල අත් කර ගැනිමට ඉන්දියාව සමත් වුව ද,විරාට් කෝලි සහ විරෙන්ද්‍ර ෂෙවාග් එක් වීමෙන් ඉනික්බිති පකිස්තානයේ දුර්වල පන්දු රැකීමේ සහය ද ඇතිව ඉන්දීය ලකුණු පූවරුව වේගයෙන් ඉහළ යන්නට විය.යලිත් සුපිරි පිතිකරණයක නියැලි විරාට් කෝලි පන්දු 61 දී ලකුණු 78 ක් නොදැවි ලබමින් ඉන්දීය ජයග්‍රහණයේ පදනම වෙමින් තරගයේ වීරයා සම්මානයට මාවත සකසා ගත්තේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය හරහා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533291.html
www.supirikrida.com

No comments:
Post a Comment