![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnQ7VrMtww0hhb9ljEP5dWGBYC-W3or3JQQnQuTkqdUuk-BLIuQyOO91S-G-qgt4oDpt4uV5p77PIr_E0pZwuiHG-1A8Da_aNDMMTkdzHMHCqdEM3mjPXm_3MPSDxw4t2JMtBjl7a7pgl6/s1600/52585+tony+greg.jpg)
දකුනු අප්රිකාවේ උපත ලබා ඇති ටෝනි,තුන් ඉරියව් ක්රීඩකයෙකු ලෙස එංගලන්තය නියෝජනය කළ සහ එංගලන්තයට නායකත්වය දුන් ක්රීඩකයෙකු වන අතර ඔහු ක්රීඩා කරන සමයේ බොහෝ විට වර්ණබේදවාදී අදහස් වලින් කටයුතු කළ අයෙකු ලෙස විවේචනයට ලක් වුණා.නමුත් ඔහු ගේ විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙස දොරට වැඩීම සහ එහි ක්රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් මුහුණුවරක් ගත් අතර එහි දි ටෝනි යනු වර්ණයක් ජාතියක් දේශයක් නොතකා ක්රිකට් ක්රීඩාවේ ක්රීඩාශීලීත්වය සහ ක්රීඩක ශෛලීන් පිළිබදව උපරිම වශයෙන් වර්ණා කළ ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙස පිළි ගැණුනා.
සම්පූර්නයෙන්ම ඔහු ගේ වෘත්තීය සිය ජාතිය හා දේශය බවට පත් කර ගත් ටෝනි,ක්රීඩා විචාරයේදි ක්රිකට් යන කාරණය මූලීකත්වයේ තබා අන් සියල්ල පසෙකලා වැඩ කිරීමේ ප්රවනතාවක් ලොවට හදුන්වා දුන් දර්ශී ක්රීඩා විචාරකයෙකු ලෙස හැදින්විය හැකියි.
විශේෂයෙන්ම තෙවන ලෝකයේ රටවල් වල ක්රීඩාව පිළිබදව හොයා බලා විමසිල්ලෙන් සිටි ටෝනි එම රටවල ක්රීඩක දක්ෂතා ලෝකය හමුවේ තැබීමට සිය විශ්වසනීය හඩ භාවිතා කළ පරමාදර්ශි පුද්ගලයෙකු බැවින් ඔහු වැන්නෙකුගේ සේවය ක්රිකට් ක්රීඩාවේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව කල්පනා කළ යුතු වෙනවා.ඒ නිසාම ඔහු ට නිරෝගි සුවය මෙන්ම සිය විචාරක රාජකාරියේ යෙදීමට නිරෝගී කමේ ආශිර්වාදය තව චිරාත් කාලයක් හිමි වේවා යන්න සුපිරි ක්රීඩා පැතුමයි.
www.supirikrida.com
1 comment:
තුනුරුවන් බලයෙන් ඔහුගේ සිතට සැනසිල්ලත් ගතට නිරෝගි සුවයත් ලංවේවායි පතමි.
word verification අයින් කලොත් කමෙන්ට් දාන්න ලේසියි...ඒක මහ වදයක්
Post a Comment