අදත් වැස්සත් එක්ක සටනක්?
කොළඹ අහස කළු වී ඇත.ක්‍රිකට්
ලෝලීන් ගේ හිත ද මේ නිසා කළු වී තිබේ.පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තෙවන එක්
දින තරගය ද වැස්ස විසින් අහිමි කළේය.ඒ නිසාම තෙවන එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර පස්වන
තරගයට වලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පියවර ගෙන ඇත.එයින් සිදුවන ආර්ථික
පාඩුව සුළු පටු නැත.තෙවන තරගය සංවිධානය කිරීමට ගිය වියදම විශාලය.වැස්ස නිසා නතර
වීමෙන් එයින් ඉතිරි වන්නේ සුළු ප්‍රතිශතයකි.එසේ තිබිය දී පස්වන තරගයට ඒ ප්‍රවේශපත්‍ර
වලංග් කිරීමට සිදු වීම යළි හිස ඔසවමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් දුෂ්කරතාවයට පත්
කරන කාරියකි.ඒ නිසා වැසි වතුරට සේදෙන්නට හැකි බිම් වලට වඩා ක්‍රිකට් තරග පැවත්වීමේ
දී දඹුල්ල වැනි ප්‍රදේශයක් තෝරා ගැනීම වැදගත් ය.නමුත් අද වන විට දඹුල්ල වැසී ඇති
සැටියක් පෙනේ.එය පරිපාලනය ඇතුළත තිබෙන ගිණි පුපුරු පැහැදිළිව දිස් වීමක් විය
හැකිය.මෙවැනි මොහොතක වඩා වැදගත් ක්‍රිකට් ගැන සිතීම බව අපි පරිපාලකයන්ට මතක් කර
දෙනු කැමැත්තෙමු.
No comments:
Post a Comment