Jun 14, 2012

වෙළද සේවා යුගල බැඩ්මින්ටන් තරගාවලියේ දී අනුග්‍රාහකයෝ පෙරළි කරති

මෙවර වෙළද සේවා යුගල බැඩිමින්ටන් තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වූ glits ආයතනය වෙනුවෙන තරග වදින nolimits ආයතනය සමස්ත සූරතාවය සදහා තරගයක් දිය හැකි බවට විශ්වසනීයත්වය පළ කළ ජෝන් කීල්ස් ආයතන කණ්ඩායම සහ NTB කණ්ඩායම් පරාජය කරමින් සී කොටසේ සූරයන් වීම කැපී පෙණුනා.මූලික වටයේදීම ජෝන් කීල්ස් ආයතන කණ්ඩායම වට 3 / 1 ක් ලෙස පරාජය කළ nolimits කණ්ඩායම සිය ක‍ාණ්ඩයේ අවසාන තරගයේදී NTB කණ්ඩායමද වට 3 / 1 ලෙස පරාජයට පත් කළා.
තරගාවලිය මේ දිනවල ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී පැවත්වෙන අතර තරගාවලියේ අවසාන තරග ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 17 වැනි දිනයි.
www.supirikrida.com

No comments: