Jun 11, 2012

යළි පිබිදි ඩිල්ෂාන් ගේ පිත්ත අද ‍ප්‍රේමදාස පිටියට

ල්ලෙකැලේ පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී පිවිසුමක් සකස් කළ ටීඑම් ඩිල්ෂාන් ලබා ගත් ශතකයත් සමග ලකුණු අතරට පිවිස සිටින අතර ඒ හැකියාව සහ විශ්වාසය පදනමේ තබාගෙන වඩා ශක්තිමත් කණ්ඩායමක් ලෙස අද පැවත්වෙන තෙවන එක්දින තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටියි.පල්ලෙකැලේ සිමිත තරග ඉතිහාසය තුළ අති සාර්ථකම පිතිකරුවා බවට පත් වි සිටින ඩිල්ෂාන් ලකුණු අතරට පිවිසීම යනු ප්‍රතිවාදීන් සැසලෙන සුළු තත්ත්වයක් වන අතර මේ කාලය තුළ දී වරින්වර දක්ෂතා අතරට පිවිසෙන තිසර පෙරේරා  සිය දක්ෂතා අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ නම් එය ද ප්‍රතිවාදි කණ්ඩායමකට විශාල තර්ජනයක් වීම නොවැළක්විය හැකි තත්ත්වයකි.
ශ්‍රී ලංකාව වැඩි ජයග්‍රාහී ප්‍රතිශතයක් රදවා ගෙන සිටින,ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිව පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට වරි ලෝකයේ සිටින විශ්වාස කළ නොහැකි කුසලතාවයන් මතු කරන කණ්ඩායමක් වන  පකිස්තානයට මුහුණදීම පහසු කාරියක් නොවනු ඇති අතර ඒ නිසා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කිරීමට අවශ්‍යය වන බව පැහැදිළිය.


No comments: