![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMaq6ZB6lp35oR276cWtHFjUr5a-j7d9gzYXEDKoQpSN05kgbINFp4FJJtum-AEEjjbnRwCAFB-mGwYwAxaiFNR7iCJM3lWAHlWZYCSNQTCfxicEFlTn47anT8HH_UtKhhtHgzWeYvwNE/s320/6.jpg)
මේ අතරින් සිය මූලික තරගයේදී මීටර් 400 ඉසව්වේ ජගත්
කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග පරිසාධන මට්ටම ඉක්මවා ගිය දුලාජ් අවසන් තරගයේදී සිය හොදම
පෞද්ගලික දක්ෂතාවය තව දුරටත් වර්ධනය කර ගනිමින් තත්පර 47.36 කින් ඉසව්ව අවසන්
කරන්නට සමත් විය.ඉකුත් යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මිටර් 400
ඉසව්වේ රිදී පදක්කම දිනූ ශිවන්ති කුමාරි රත්නායක 15 වන ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ
එම ඉසව්වේ රන් පදක්කම්ලාභිය වෙමින් තත්පර 55.91 කින් ඉසව්ව අවසන් කළ ද,ඇයට ජගත්
කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වන තත්පර 55.25 මග හැරිණි.
කාන්තා උස පැනීමේ ඉසව්වේ දී මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල
ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටමට පිවිස සිටින නිමේෂා,මේ තරගයේදී ඇයගේ හොදම දක්ෂතාවය
වන මීටර් 1.81 වෙත පැමිණීමට අපොහොසත් වූවා ය.ඇය මීටර් 1.79 කින් සිය පිමි අවසන්
කළේ ශ්‍රී ලංකාවට කාන්තා උස පැනීමේ ඉසව්වෙන් ඓතිහාසික පදක්කමක් දිනා දෙමින් ය.
දුලාජ් පස්යාල මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු ගේ
පුහුණුකරු වන්නේ චන්දන අමරසිංහ ය.ප්‍රවීන පුහුණුකරුවෙකු වන චන්දන,මේ වන විට කාන්තා
තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාලාභිය මෙන්ම දුර පැනීමේ ඉසව්වේ අංක එකට සිටින ක්‍රීඩිකාව
වන එන්සීඩී ප්‍රියදර්ශණී ගේ පුහුණුකරු ද වන්නේය.එන්සීඩී මීටර් 4 x 100 ඉසව්වේ දකුණු ආසියාතික රන්
පදක්කම්ලාභිණිය මෙන්ම දුර පැනීමේ රන් පදක්කම්ලාභිණිය ද වන්නීය.එසේ දක්ෂතා ඇති
පැනීම් ඉසව් රාශියකින් ජාතික තගයට ක්‍රීඩකයන් කැදවා ගෙන ආ හිටපු ජාතික මට්ටමේ උස
පැනීමේ සූරයෙකු වූ චන්දන පිටියෙන් ධාවන පථයට පිවිසෙමින් ලබා දුන් මේ ජයග්‍රහණය
චනදන ගේ පුහුණුකරු ජීවිතයේද අලුත් ගමණකට මුල පිරීමකි.
ශිවන්තිගේ පුහුණුකාරිය වන්නේ ඒඩී නන්දාවතී ය.ඇය ජගත් මලල
ක්‍රීඩා උළෙලවල් නියෝජනය කිරීම සදහා පසුගිය කාලයේ ක්‍රීඩිකාවන් ගණනාවක් සැකසූ
පුහුණුකාරියක වන අතර ශෂීප්‍රභා ජයසිංහ,මෙන්ම වර්ථමාන මීටර් 100 කඩුලු පැනීමේ සූරිය
වන අමාලි හර්ෂණි ගේ සිට ශිවන්ති මෙන්ම මෙම
ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන පබසරා සේනානායක ගේ ද පුහුණුකාරිය වන්නීය.ඉකුත්
වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ හොදම මලල ක්‍රීඩා පුහුණුකාරිනිය ලෙස සම්මානයට පාත්‍ර
වූයේ ද නන්දා ය.නන්දා,කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ ක්‍රීඩා ගුරුවරිය වන අතර ශෂි,අමාලි,පබසරා මෙන්ම ශිවන්තිද ජෝස්ප් බාලිකාවියෝ ය.
නිමේෂා ගේ පුහුණුකරු නිශාන් හේරත් ය.විද්‍යාපීඨ
ගුරුවරයෙකු ලෙස සිය ක්‍රීඩා ජීවිතය හරහා වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නා
නිශාන්,වෘත්තිකයෙකු වූ පසු වැටුප් ලැබීම වෙනුවෙන් කාලය කා දමන්නෙකු නොවී කළ
කැපවීමෙන්, වැටුපට වඩා අගයක් රටට ලබා දිය හැකි නිර්මාණයක් කළ පුද්ගලයෙකු ලෙස නිමේෂා
ගේ ඓතිහාසික රිදී පදක්කමේ නිර්මාපකයා වීමේ භාග්‍යය ලද්දේය.නිශාන්,නිමේසා ඉගෙනුම ලබන ගලෙන්බිදිනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයා ය.
මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ජාත්‍යන්තර පදක්කම්
සදහා පිරිනැමෙන මුදලින් ලක්ෂ දහ තුනක් දිනා ගැනීමට සමත් වී සිටින මේ තිදෙනා අතරින්
දුලාජ් සහ නිමේෂා ට ජාත්‍යන්තර කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වෙනුවෙන්
අමාත්‍යවරයා අතින් වෙනත් වරප්‍රසාදයක් භුක්ති විදීමේ භාග්‍යය ද විවර කර ගැනීමට
තට්ටු කරමින් සිටිති.සුපිරි ක්‍රීඩා වෙබ් අඩවිය විසින් අමාත්‍යවරයාට පෙන්වා දුන්
කරුණු අනුව අමාත්‍යවරයා ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධනයට පිවිසෙන ක්‍රීඩකයෙකුට
වෙනම මාසික දීමනාවක් පිරිනැමීම සළකා බලන බවට පොරොන්දුවක් ලබා දුන් අතර එය වසර දෙකක
කාලයකට යටත් කොට දක්ෂතා අනුව අඩු කිරීම, වැඩි කිරීම හෝ නවතා දැමීම යන කාරණා සිදු
කිරීමට ද අමාතත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට ද සුපිරික්‍රීඩා වෙත හැකිවිය.
මෙම ක්‍රීඩක දක්ෂතා වලට අමතරව තව දුරටත් මීටර් 4 x 400 කාන්තා සහ පිරිමි ඉසව් ද,මීටර් 110 කඩුලු පැන
දිවීමේ ඉසව්ව සහ පිරිමි උස පැනීමේ ඉසව්ව ද පදක්කම් බලා පොරොත්තු ලෙස හදුනා ගත්
ඉසව් වන අතර,මීටර් 4 x 100 කාන්තා සහ පිරිමි ඉසව් මෙන්ම කාන්තා 400 කඩුලු පැන
දිවීමේ ඉසව්ව ද යම් බලාපොරොත්තු සහගත ඉසව්වක් විය හැකිය.ක්‍රීඩාවේ සියල්ල දක්ෂතාවය
මත මෙන්ම වෙනත් මානසික සහ කායික යෝග්‍යතාවයන් මත ද නිර්ණය විය හැකි බැවින් මෙම
ඉසව් වල දී මෙන්ම වෙනත් ඉසව්වලදී ද ශ්‍රී ලංකාවේ පදක්කම් සටහන පෝෂනය වීමේ ඉඩ - කඩ
විවෘතව පවතින්නේය.
No comments:
Post a Comment