Jun 10, 2012

දුලාජ් ජගත් කනිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබයි

Add caption
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක 15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම සැනසිල්ල බවට පත් වූ දුලාජ් මධුසංක මීටර් 400 මූලික තරගයේ දී ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලැබීමට අවශ්‍යය තත්පර 47.95 ක කාලය අභිබවා යමින් තත්පර 47.75 ක කාලයක් වාර්තා කරමින් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා ගත්තේය.දුලාජ් අද අවසාන තරගයට මුහුණ දෙන්නේ එම ඉසව්වේ මූලික තරග වලදී හොදම කාලය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස බැවින් ශ්‍රී ලංකාවට එම ඉසව්ව සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකිය.
දුලාජ්, පස්යාල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වන අතර චන්දන අමරසිංහ යටතේ පුහුණුව ලබයි.මීට පෙර තත්පර 48.1 ක හොදම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කර තිබූ දුලාජ් ඊයේ සිය හොදම දක්ෂතාවය වාර්තා කිරීමට ද සමත් විය.එසේම කාන්තා මීටර් 400 ඉසව්වේදී ද නිශානි හෙන්ඩර්සන් මූලික තරගයේ ප්‍රථම ස්ථානය ද,ශිවන්ති කුමාරි රත්නායක තම මූලික තරගයේදී දෙවන ස්ථානයද දිනා ගත්තේය.එම දෙදෙනා ද අවසාන තරගයට පිවිසී සිටින තරගකාරියන් අතරින් වාර්තා කර තිබෙන කාලය අනුව දෙවන සහ තෙවන ස්ථාන ලබා සිටින අතර ඒ අනුව එම ඉසව්වද පිරිමි මීටර් 400 ඉසව්ව මෙන්ම අද දවසේ පදක්කම් බලාපොරොත්තුවක් වී තිබේ.
තරගාවලියේ නිමාව දුටු තරග අතරින් නව වාර්තා දෙකක් වාර්තා වූ අතර සුගතදාස ධාවන පථයේ පැවති ප්‍රථම තරගය වූ කාන්තා මීටර් 5000 තරගයේදී  එම වාර්තා දෙකෙන් එකක් වාර්තා විය.ජපානයේ කියුමා හරුකා එම වාර්තාවට හිමිකම් කිවූ අතර ඇය විනාඩි 16:07.74 කින් එම තරගය නිමා කරමින් එම වාර්තාවට හිමිකම් කීවේය.ඉතිරි වාර්තාව චීනයේ චෑන්ග් වෙයි වෙතින් වාර්තා වු අතර ඔහු මීටර් 5.35 ක දක්ෂතාවයක් දක්වමින් පිරිමි රිටි පැනීමේ ඉසව්වේ නව තරග වාර්තාවට හිමිකම් කියමින් එහි රන් පදක්කම දිනා ගත්තේය.
15 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ වේගවත්ම ක්‍රීඩිකයා බවට පත් වූ ඉරානයේ ටෆිටේන් හසන් තත්පර 10.49 කින් මීටර් 100 ඉසව්ව ජය ගත්තේය.කාන්තා මීටර් ඉසව්ව ජයගත් ලැයෝ චින්ග් ෂිහෑන් තත්පර 11.97 කින් මීටර් 100 ඉසව්ව ජය ගනිමින් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව වූවා ය.ආසියාවේ බලවතා ලෙස වැජඹෙන චීනය මෙම ක්‍රීඩා උළෙලේදී ද එම තත්ත්වය ආරක්ෂා කර ගන්නා බව පැහැදිළි කරමින් ඊයේ දිනය නිමා වන විට රන් පදක්කම් තුනක් දිනා ගනිමින් පෙරමුණේ පසුවෙයි. 

No comments: